Media Workshop  Mathaleආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන මාතලේ දිස්ත්‍රික් ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් 2018.07.19 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබදව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කර ගැනීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කිරීමේ අභිප්‍රාය ඇතිව ආපදා කළමනාකරණය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම දීපව්‍යාප්තව සිදුකරනු ලැබේ.

ආපදා කළමනාකරණය සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනේ පළමු සැසියට ඇතුළත් විය. නායයෑම් කළමනාකරණය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යභාරය, ආපදා සහන ලබාදිමේදී පවතින ප්‍රතිපත්ති හා චක්‍රලේඛ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා, ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබද ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද මෙම වැඩසටහනට ඇතුලත් විය.


Press Ministey of DMජුලි මස 03 වන දින සිට 06 වනදා දක්වා මොංගෝලියාවේ පැවති ආසියාතික රටවල ආපදා කළමනාකරණ අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදී, ආසියානු පැසිෆික් කලාපය සඳහා ආපදා කළමනාකරණය පිළිබඳ ස්වේච්ඡා බලකායක් නිර්මාණය කිරීම සඳහා වන යෝජනාවක් එතුමන් ඇතුළු පිරිස විසින් ඉදිරිපත් කළ බවත්, 2020 ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන මීලඟ සැසි වාරයේදී ඒ සඳහා වන අනුමැතිය ලැබිය හැකි බවත් වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යතුමා පැවසීය. අමාත්‍යතුමා මේ අදහස් දැක්වූයේ 2018 ජුලි මස 17 වන දින වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
තවද අමාත්‍යාංශය හරහා ඉදිරියේදී සිදු කරනු ලබන සියළුම සංවර්ධන කාර්යයන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යයාල, පළාත් පාලන ආයතන, ඇතුළු අනෙකුත් අදාල සියළුම පාර්ශවයන්ගේ අනුමැතිය මත ක්‍රියාත්මකවීම මගින් ආපදා තත්ත්වයන් පාලනය කිරීමට අවශ්‍යය ක්‍රමවේදයක් සැකසීමට මූලික සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් මූලික කර ගනිමින් හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්ක වීම සඳහා ස්වේච්ඡා බලකායන් පිහිටුවා, ආරක්ෂක අංශයන්හි සහභාගීත්වයෙන් ඔවුන් පුහුණු කිරීමට අවශ්‍යය කටයුතු සලසන බවත් රාජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේය.

 

kandy media09-07-1028 03

ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන 2018.07.09 දින මහනුවර “ජැනෝරා හිල්” හෝටලයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ආපදා කළමනාකරණය පිළිබදව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම ක්‍රමවේදය කාරයක්ෂම කිරීමේ අභිප්‍රාය ඇතිව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ආපදා කළමනාකරණය පිළිබදව දැනුවත් කරන ලදී. ආපදා කළමනාකරණය කාර්යයේ නිරත වන තාක්ෂණික ආයතනවල කාර්යභාරය සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනේ පළමු සැසියට ඇතුළත් විය.

 

highwind Colombo 01ඊයේ අළුයම (2018.07.11) ඇති වූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හෝමාගම, කැස්බෑව, පාදුක්ක, මොරටුව, රත්මලාන හා දෙහිවල ඇතුළු ප්‍රදේශ රැසක නිවාස 262 කට හා ව්‍යාපාරික ස්ථාන 5 කට අර්ධ වශෙයන් හානි සිදු වී ඇති අතර, එමගින් පවුල් 263 කට අයත් පුද්ගලයින් 849 ක් පමණ පීඩාවට ලක්ව ඇත. 
ආපදාවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සඳහා ඉක්මන් සහන සැලසීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගැනීම, වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගේ උපදෙස් මත වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාරකණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්දි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් සිදු කරනු ලැබේ.
වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමා විසින් ආපදා සිදුවු ස්ථාන නිරීක්ෂණය කරන ලද අතර දැඩි සුළං හේතුවෙන් ආපදාවට පත්වු ජනතාවට යථාතත්වයට පත්වීම සදහා රජය විසින් ලබාදෙන සහනාධාර මුදල් ඊයේ දීනයේදීම ජනතාවට ලබාදීමටත් නිවාස ආවරණය කිරීම සදහා අවශ්‍ය ආවරණ ලබාදීමටත් ඊයේ(11) දින කටයුතු කරන ලදී. 

Malwathuoya2018.07.07-2

 

“ආපදාවට පෙර සුදානම” ආපදාවලින් තොර සුරක්ෂිත දේශයක් ගොඩනැගීමේ අරමුණින් ආපදා පිළිබදව පෙර සුදානම් කිරීමේ වැඩසටහන යටතේ මල්වතු ඔය ආශ්‍රිත ගංවතුර අවමකිරීම ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.07.07 දින මල්වතු ඔය ජර්මන් පාලම අසළ දී ආරම්භ කෙරිණි. 

ආපදාවලින් ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීම සදහා ආපදා අවම කිරීම, පුර්ව දැනුවත්වීම, පෙර සුදානම් “ආපදාවට පෙර සුදානම” ව්‍යාපෘතියේ අරමුණයි. අනුරාධපුර මල්වතු ඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීමේ අරමුණින් සංවිධානය කර තිබු වැඩසටහන වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සංවිධානයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් පාර්ශවකාර ආයතන සහ ප්‍රජා සහභාගීත්වයෙන් මල්වතු ආශ්‍රිතව පැතිර ඇති ආක්‍රමණික ශාඛ ඉවත් කිරීම, කැළි කසළ, රොන් මඩ සහ ඉදිරී වැටී ඇති විශාල ප්‍රමාණයේ ගස් ඉවත් කිරීම සහ පැති බැමි ශත්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079