ත්‍රිවිධ හමුදාවට වෙත සහ විවිධ පාර්ශවකාර ආයතන වෙත ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය උපකරණ ලබා දීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. එළබෙන නිරිත දිග මෝසම් වර්ෂා සමයේ දී ඇතිවිය විය හැකි ආපදා අවදානම් තත්වයක දී ජන ජීවිතයට සිදුවිය හැකි පීඩාකාරී තත්වය අවම කර ගැනීම සදහා විවිධ පාර්ශවකාර ආයතන වෙත ලබා දී ඇති උපකරණ භාවිතා කිරීම පිළිබද හා එම උපකරණ නඩත්තු කිරීම පිළිබදව සිද්ධාන්තික සහ ප්‍රායෝගික දැනුම ලබාදීම පුහුණු වැඩමුලුවක් ආපදා කළමාකරණ මධ්යස්ස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් අනුව පසු ගිය දා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විනි.
පුත්තලම ගගේවාඩිය නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ පුහුණු මධ්‍යස්ථානයෙහි ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ පුහුණුව හදාරණ ශ්‍රී ලංකා නාවික හමුදා සෙබල කණ්ඩායමක් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (21) ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
සමාරම්භක අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය සහ වගකීම පිළිබදව අදහස් දක්වන ලදී.
නිරිත දිග මෝසම් වර්ෂාපතනය හේතුවෙන් සිදුවිය හැකි ගංවතුරු ආපදා තත්ත්වයට සාර්ථකව මුහුණදීම වෙනුවෙන් නිරිතදිග මෝසම් වර්ෂාව නිසා ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක වල ආපදා පෙර සුදානම් හා සැලසුම් සකස් කිරීම මෙන් මහජනතාව දැනුවත් කිරීම අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදා 61 වන බල සේනාංකයේ සෙවීම් හා මුදවා ගැනීම් කන්ඩායම් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නටත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනේ දෙවන වැඩසටහන සාර්ථකව නිම කරන ලදී.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා අවස්ථාවක දී ඊට මුහුණදීම සඳහා දිස්ත්‍රික්කය තුළ පවතින තාක්ෂණික උපකරණවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම හා එම උපකරණ නිරන්තරයෙන් ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කලුතිර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් පසුගිය දා පැවැත් විනි.
News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
Call Center
117+94 112 670 002




