මොරවැව ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ සෙවීම් සහ මුදවා ගැනීම් පිළිබද මුලික පුහුණු පාඨමාලාව හදාරණු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් කණ්ඩායමක් ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව පුහුණු වැඩමුලුවකට සහ හදිසි මෙහෙයුම් මැදිරි නිරීක්ෂණ චාරිකාවකට 18 දින සහභාගී විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහනට ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, ආපදා අවදානම් කළමනාකරණය සම්බන්ධ ගෝලීය වශයෙන් පවතින රමුගත වැඩ සටහන් සහ ආපදා හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ සිද්ධාන්තික කරුනු මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරිය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය කිරීම මෙම දැනුවත් කිරීමේ පුහුණු සැසියට ඇතුලත් විය. ඒසේම හදිසි අවස්ථා සම්බන්ධීකරණ සම්බන්ධයෙන් පවත්නා සම්මත මෙහෙයුම් පටිපාටි සහ ආපදා සහන සේවා සම්බන්ධීකරණය කිරීම තුළ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව මෙම නිළධාරීන් දැනුවත් කිරීම සිදු කරන ලදී.
බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 10 වන පාඨමාලාව හදාරණු ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්‍රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ ක්‍රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්‍රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (03/15) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නිරීක්ෂණ චාරිකාව තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ හදිසි මෙහෙයුම් ක්‍රමවේදය පිළිබද සිද්ධාන්තික දේශන පළමු සැසියට ඇතුලත් වු අතර ඉන් අනතුරුව හදිසි මෙහෙයුම් මැදිරිය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය කිරීම සිදු කෙරිනි.
වර්තමානය පවතින ආපදා අවදානම් තත්වයන් සළකා බැලීමේ දී හදිසි මෙහෙයුම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අභිබවමින් ආපදා අවදානම් කළමනාකරණය සහ ආපදා පෙරසුදානම, ප්‍රජා දැනුවත් කිරීම සහ ප්‍රතිෂ්ඨාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සදහා නිශ්චිත ක්‍රියාකාරී සැලසුම් අප සතුවිය යුතු බවත් එම සැලසුම් අනුව ක්‍රියා කිරීමේ මනා පුහුණුවක් ලබා තිබිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින දැඩි උණුසුම් සහ වියළි කාලගුණික තත්වය පිළිබඳ සලකා බැලීම සඳහා විශේෂ රැස්වීමක් 12 වන දින (3/12) අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. මේ සඳහා ප්‍රධාන පාර්ශවකාර ආයතන වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් නියෝජිත මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.
දැනට පවතින වියලි කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අදහස් දක්වමින් පෘතුවියේ උණුසුම් වසර ලෙස 2023 වර්ෂය වාර්තා තබා ඇති බවත් El Nino සහ La Nino ක්‍රියාකාරීත්වය මත ඇතිවන මෙම බලපෑම ඇති වී ඇති බව පෙන්වා දෙන ලදී. එසේම එළැඹෙන ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ La Nino තත්වයේ වර්ධනයක් ඇතිවන බව පෙන්නුම් කරන බවත් පැවසීය. මේ හේතුවෙන් වර්ෂාපතනයේ වෙනස්වීම් දක්නට ලැබෙන බවත් මාර්තු මස මැද භාගයේ සුළු වර්ෂාපතනයක් හැරුණු විට මැයි මස දක්වා දිවයින තුළ වර්ෂාපතනය අඩුවීමක් අපේක්ෂා කල හැකි බවත් පැවසීය.
The Sustainable National Anticipatory Action through Preparedness (SNAP) South Asia regional programme was officially launched by the Asian Disaster Preparedness Centre (ADPC) in partnership with the Disaster Management Centre (DMC), the Government of Sri Lanka as the country host and the USAID Bureau for Humanitarian Assistance. The launch was held in December 2023 in Colombo, Sri Lanka, attended by officials from the national disaster management organizations, response agencies and humanitarian organizations from seven South Asian countries.
The SNAP South Asia Programme strives to enhance disaster resilience in countries by reinforcing response capacity, coordination systems and institutional arrangements for early action. This programme recognizes the crucial role of regional collaboration in emergency preparedness for anticipatory action and seeks to establish a sustainable capacity development system for anticipatory action in Bhutan, Sri Lanka and Maldives, by leveraging the expertise of other South Asian countries.
Stemming from the success of the official launch, the DMC acting as the nodal agency of the SNAP South Asia Programme in Sri Lanka, held the “SNAP South Asia - National Planning Meeting, Sri Lanka” on 14th March 2024 at Galle Face Hotel, Colombo. The objective of the meeting was to facilitate the co-creation of the country work plan and the identification of key priorities to support early action through preparedness in Sri Lanka.
ලෝක ආහාර සංවිධානයේ පූර්වාපේක්ෂක ක්‍රියාමාර්ග වැඩමුළුව සඳහා වන කලාපීය උපදේශිකා සුමයියා කාබීර් (Sumaiya Kabir) සහ මෙරට ක්‍රියාත්මක ආපදා ප්‍රත්‍යස්ථතා, හදිසි පෙරසුදානම් සහ සමාජ ආරක්ෂණය ප්‍රධානී රුෂිණි පෙරේරා යන මහත්මියන් ගේ ප්‍රධානත්වයෙන් යුතු ලෝක ආහාර සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් මාර්තු 11 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනෙරාල් හමුවිය.
News & Events
- ජනාධිතපතිවරණ කාලසීමාව තුළ විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක්
- මෙවර ශිෂ්‍යත්ව විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- ජනාධිපතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
- බදුලු ඔය ආශ්රිත ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සඳහා ස්ථිරසාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාර්ශවකරුවන් අතර විශේෂ සාකච්ජාවක්.
- නිරිතදිග මෝසම් ආපදාවෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ජන ජීවිතය යලි නගාසිටුවීමට සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම සඳහා ආධාර.
Call Center
117+94 112 670 002