Forest fire

පවතින වියලි කාලගුණික තත්වය හමුවේ පෙබරවාරි දින 25 දින වන විට දිස්ත්‍රික්ක 12 ක කැලෑගිණි ගැනීම් 49 ක් පමණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට වාර්තා වී ඇත. දිස්ත්‍රික් වශයෙන් ගත් විට මහනුවර (11), බදුල්ල(9), මාතලේ(7), ගම්පහ(4), කෑගල්ල(4), රත්නපුර(4) සහ නුවරඑළිය(4) යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ගිණිගැනීම් තත්ත්වයන් වාර්තාවී ඇත.

මෙම සිදුවීම් පරීක්ෂා කිරීමේ දී බොහෝ ගිණිගැනීම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ඒවා බව නිරීක්ෂණය වී ඇති අතර ගිනි ගැනීම් සඳහා බලපාන ලද හේතු සළකාබැලීමේ දී හේන් ගොවිතැන් සදහා බිම් සකස් කිරීම, සත්ව පාලනය සදහා තෘණ දලුලෑම සදහා වියලි තණ බිම් ගිණිතැබීම, සතුන් දඩයම් කිරීම සදහා තෘණ වියලි කැලෑබද ප්‍රදේශ ගිණිතැබීම, සංචාරකයින් විසින් සිදුකරනු ලබන ගිනී තැබීම්,මාර්ග දෙපස පවිත්‍ර කිරීම සදහා සිදු කරනු ලබන ගිණි තැබීම්, මිනිසුන් හිතාමතා සිදු කරනු ලබන ගිණි තැබීම් නිසා මෙම ගිනි ඇතිවී තිබෙන ගිණි ගැනීම් බව හදුනාගෙන තිබේ. නමුත් මෙම ගිනිතැබීම් සම්බන්ධයෙන් වගකිවයුතු පිරිස් හදුනාගැනීම අපහසු වී ඇත.

heat Index 2021

මේ දිනවල රට තුළ පවතින අධීක උණුසුම් තත්වය (Heat Index) පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (24) අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. මෙම නිවේදනයට අනුව වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ශරීරයට දැණෙන උණුසුම ඉහළ අගයක් අතර අගයක් වාර්තාවිය හැකි බව සදහන් වේ.

දැඩි උණුසුම්කාරී තත්වය හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

2025 Jannuary 1st  1

ආරක්ෂක අමාත්‍යාංශයේ, ආපදා කළමනාකරණ අංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2025 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් උදය හේරත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශ අධ්‍යක්ෂ ජනරාල් සැලසුම් සහ ප්‍රධාන මුල්‍ය නිළධාරී ඇතුලු ආයතන ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සහ සියලු කාර්යය මණ්ඩල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.

ජාතික ගීය ගායනයෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ විවිධ ආපදාවලට ගොදුරුවීම නිසා ජීවිත අහිමි වු ජනතාව සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පල කළ කිරීමෙන් අනතුරුව පසුගිය වර්ෂයේ ඉලක්ක ජය ගැනීම සඳහා කැපවීම අගය කරන ලද අතර එම කැප කිරීමේ සාධනීය ප්‍රතිඵල රටක් වශයෙන් අප අත්පත් කරගෙන සිටින බව මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ .ජී ධර්මතිලක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

2025-1-21 Press Conferene with Minister

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ, දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන වලට අද දින වන විට (1/21) අනුව දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 127 ක පවුල් 5821 කට අයත් පුද්ගලයන් 19032ක් ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති බවයි. ආපදාවෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 17ක් පවත්වාගෙන යන අතර, සුරක්ෂිත මධ්‍යස්ථාන වල රඳවා සිටින පිරිස සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම වියළි හා පිසූ ආහාර සලාක ලබා දීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ආපදා හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති අතර, පූර්ණ නිවාස හානි 10ක්, සුළු හෝ අර්ධ නිවාස හානි 438ක් මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි 25ක් හා වැදගත් යටිතල පහසුකම් 2ක් ද හානියට ලක් වී ඇති බව වාර්තා වී ඇත.

Safety Day edited 20242004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000 කට අධික පිරිසක් මිය ගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණ අතර දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේ දී රුපියල් බිලියන ගණනකි. එසේම සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැක. එබැවින් රජය නැවත මෙවැනි විපතකට පත් නොවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ අනුව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කරමින් මහජනතාවට මුහුණ පෑමට සිදු වී ඇති ආපදා අවදානම කළමනාකරණය කිරීම සඳහා කටයුතු කර තිබේ.

එසේම 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” වශයෙන් නම්කර තිබෙන අතර 2005 වසරේ මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික සුරක්ෂිත දින” සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් සර්ව ආගමික වැඩසටහන් සංවිධානය කරනු ලැබේ. එසේම ˝ජාතික සුරක්ෂිත දිනය” යෙදී ඇති දෙසැම්බර් 26 වන දින පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරනු ලබයි. එසේම දිවයින ආපදා ප්‍රත්‍යස්ථ සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ප්‍රජා දැනුවත් කිරීම, ආපදා පෙර සූදානම ඇති කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.

මෙවර “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 26 දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී ද දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් “ජාතික සුරක්ෂිත දිනය” සැමරුම් උත්සව පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කර තිබේ.
එසේම එළැබෙන දෙසැම්බර් 26 වන දින පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව ආරක්ෂා කරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීමට එක්වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079