සුනාමිනයන් මිය ගිය ජනතාව සිහිපත් කර දෙසැම්බර් 26 දින පෙරවරු 9.25 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකින්න
සුනාමිනයන් මිය ගිය ජනතාව සිහිපත් කර දෙසැම්බර් 26 දින පෙරවරු 9.25 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකින්න
සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා සියලු අමාත්‍යාංශ, රජයේ ආයතනයන මෙන්ම මහජනතාව 2019.12.26 වන දින පෙරවරු 9.25 පෙරවරු 9.27 දක්වා කාලය තුළ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
පැවති අධික වර්ෂාව හේතුවෙන් කලා ඔයේ ජලමට්ටම ඉහළ යමින් පවතී. ඇතිවිය හැකි ගංවතුර ආපදා හානි අවම කරගැනීම සදහා තලාව, ඉපලෝගම, තඹුත්තේගම සහ ගල්නෑව කලාඔය අවට පහත්බිම්වල ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
ජනාධිතපතිවරණ කාලසීමාව තුළ විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරේ.
ජනාධිපතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්වයක් හේතුවෙන් මැතිවරණ කටයුතුවලට සිදුවිය හැකි බාධා වැළැක්වීම සදහා විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් 2019.11.14 දින සිට 2019.11.19 දින දක්වා ස්ථාපිත කර ක්‍රියාත්මක කරමින් පවතී. මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාරකණ සහ පශු සම්පත් අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ධානය තුළ මෙම මෙහෙයුම් ඒකකය ස්ථාපිත කර ඇත.
සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා වැඩපිළිවෙළක්.
සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ආපදා නිසා ඇතිවිය හැකි බාධා අවම කරගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කර ඇත.
ආපදා නිසා බලපෑමට ලක්වු ජනතාවට සහන සැලසීමට කඩිනම් පියවර
පසුගිය දින කිහිපය පුරා දකුණු හා බස්නාහිර පළාත්වලට ඇද හැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 20,817 ක පුද්ගලයින් 80014 ක් පමණ ආපදා නිසා බලපෑමට ලක්වී ඇති බවත් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් රාජ්‍ය පරිපාලන ආපදා කළමනාරකණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් දක්වන ලද්දේ ආපදා තත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා අමාත්‍යාශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. විපතට පත්වූ ජනතාව සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් රජය රු මිලියන 12 මේ සඳහා ලබා දී ඇති අතර ඊට අමතරව සෑම දිස්ත්‍රික්කයකටම රුපියල් මිලියනයක් බැගින් ආපදා ප්‍රතිචාර දැක්වීමේ අරමුදල් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන ලදී. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඇතුලු ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්ක සදහා සහන සේවා කණ්ඩායම් ස්ථාන ගත කර ඇති බවත්, සෙවීම් සහ මුදවා ගැනීම් සදහා ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් සහ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ඇති බවත්, අවශ්‍ය උපකරණ ඒ ඒ ස්ථාන කරා යොමු කර ඇති බවත් තවදුරටත් පැවසීය.
එසේම ගංවතුර ආපදා පවතින විට තවත් දිස්ත්‍රික්ක 18 පමණ නියගය හේතුවෙන් ජලය ලබාදීමට කටයුතු කරන බවත් පෙන්වාදුන් ආමාත්‍යතුමා ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්වයක දී ජනතාවට උපරිම සහන ලබාදීමටත් ආපදා වලින් තොර රටක් බිහි කිරීමට කටයුතු කරන බවත් නායයාම් ආපදා අවදානම් ප්‍රදේශවල ජනතාව එම කලාප වලින් ඉවත් කිරීම සදහා නිවාස ලබාදීමේ වැඩපිලිවල ක්‍රියාත්මක කර ඇති බවත් එය කඩිනම් කර නිවාස ලබාදීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් දන්වා සිටින ලදී.
உட்பிரிவுகள்
News & Events
- ප්‍රජා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරණ වෛද්‍යවරුන් සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහන.
- සිද්ධි විධාන පද්ධති (Incident Command System)පිළිබද එක්දින වැඩමුළුව
- ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- “සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන” පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- “ගමට වැඩක්-රටට හෙටක්” ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය තිළිණ ප්රදානෝතසවය
அவசர தொடர்புகள்
117+94 112 670 002