වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උණුසුම් කාලගුණික තත්වය ගණනය කිරීමෙන් සාදනු ලබන උණුසුම් දර්ශකයට අනුව මේ දින වල බොහෝ දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවට ඉහළඋෂ්ණත්වයෙන් බලපෑම් ඇති වෙතැයි කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ හේතුවෙන් ගතයුතු පියවරයන් සම්බන්ධවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.උණුසුම් කාලගුණ තත්වය නිසා ඇතිවිය හැකි ශාරීරික අපහසුතා මග හැර ගැනීමට හා වැළදිය හැකි රෝගාබාධ වලින් මිදීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදේ ශ්රි ලංකාවේ ගිණිකොන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවත් මේ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව ඉදිරි දින කීපය තුළ අවධානයෙන් සිටින ලෙස රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමා අද දින (26) අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව විශේෂයෙන්ම ශ්රි ලංකාවේ නැගෙනහිර ප්රදේශයට මායිමිව කිලෝමීටර් 1000 කට පමණ ඈතින් මුහුදේ කුණාටු තත්වයක් ඇති වී තිබෙන බවත් මේ හේතුවෙන් අප්රේල් මස 28 දින සිට මැයි මස 01 වන දින දක්වා අයහපත් කාලගුණික තත්වයක් ඇති විය හැකි බව අමාත්‍යතුමා දුරටත් දැනුම් දෙන ලදී.
සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පසු වැසි සමග ප්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.
අප්රේල් මස 25 වන දින වන විට සමකය ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
අද දින (26) බේරුවල සිට ගාල්ල මාතර දක්වා වන මුහුදු ප්රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3.00 ක් පමණ ඉහළ යාමට හැකියාවක් පවතින බවත් මේ නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණිමට හැකියාවක් ඇති බවත් කාලගුණ විද්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීමත් නියං තත්වයක් වර්ධනයවීමත් හේතුවෙන් පානීය ජලය ලබා ගැනීම, බල ශක්ති අර්බුදයක් පැන නැගීම මෙන්ම වනාත්තර ගිණිගැනීම වැනි ව්‍යයසන තත්වයන් වාර්තා වී ඇති බව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. අමාත්‍යතුමා මේ බව පැවසුවේ පවතින ආපදා තත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද දින (05) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
ආපදා සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අංක 117 මෙත ඇමතුමක් ලබා දී ඒ පිිළිබදව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ද ඉල්ලා සිටින ලදී. එසේම ඔබගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම සදහා සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සමග ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු සියලු අංශ ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලක් සකස් කර ඇති බව පෙන්වා දෙන ලදී.
Subcategories
News & Events
- Resilience Starts at Home: International Day for Disaster Risk Reduction Commemoration
- 13 සිට ඉදිරි දින කිහිපය තුළවැසි වැඩිවේ – ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
- Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
Call Center
117+94 112 670 002




