ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) පිළිබද පස් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන අගෝස්තු මස 8-12 දින දක්වා වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යාංශයට අයත් කොත්මලේ ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ මෙන්ම ආපදා අවදානම් අවම කිරීම සදහා තීරණ ගැනීම සදහා වැදගත් වන ක්‍රම ශිල්පයක් වන භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) පිළිබද සිද්ධාන්තික කරුනු මෙන්ම ප්‍රායෝගික පුහුණු සැසි මෙම පුහුණු වැඩ සටහනට ඇතුලත් වේ. භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) ක්‍රමශිල්ප, මුලික සිතියම් විද්‍යාත්මක ක්‍රමශිල්ප, දත්ත විශ්ලේෂණය, භූගෝලීය වශයෙන් පිහිටීම නීර්ණය කිරීමේ ක්‍රමශිල්ප (GPS), දුරස්ථ ග්රාහක පද්ධති දත්ත විශ්ලේෂණය සහ ඊට අදාල මෘදුකාංග භාවිතය වැනි විෂය ක්ෂේත්‍ර ගණනාවක් මෙම පුහුණු වැඩසටහන තුළින් ආවරණය කෙරේ.
ප්‍රාදේශීය මට්ටමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් නවීන දැනුමින් පෝෂණ කිරීම පිළිබද අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම පුහුණු වැඩසටහන් මාලාව තුළින් ආපදා කළමනාකරණ ක්ෂේත්රය තුළ කටයුතු කරන නිළධාරීන් ද මෙම විෂය ක්ෂේත්රය පිළිබදව පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉදිරියේ දී සිදු කරනු ඇත.





