galle roade clearance afrtwe sea surge 2022-07-03 5සක්‍රීයව පවතින නිරිතදිග මොසම් තත්වය හේතුවෙන් පුත්තලම සිට මාතර දක්වා මුහුදුබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීම හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ල විය. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල සමුද්‍ර මාවත, පිටිවැල්ල, කහව, ගොඩගම, අකුරළ, කතලුව, කෝග්ගල ප්‍රදේශවල සහ කොළඹ සිට ගාල්ල හබරාදුව දක්වා ඇති දක්ෂිණ මුහුදු බඩ මාර්ගයේ ස්ථාන කිහිපයක මුහුදු රළ ගොඩ බිමට ගැලිමෙන් වැලි සහ අපද්‍රව්‍ය එම මාර්ගයට ගොඩ ගැසිම හෙතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.

මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ උපදෙස් හා ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ මැදිහත් වීම මත 14 වන බලඇණිය ගැමුණු හේවා බලකාය - කොටුව යුද්ධ හමුදා කඳවුරේ සහ ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුරේ භට පිරිස්, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ගාල්ල නගර සභාව, ප්‍රාදේශිය සභා එක්ව මාර්ග වල එක් රැස් වූ මුහුදු වැලි හා අපද්‍රව්‍ය ඉවත් කර දක්ෂිණ මුහුදු බඩ මාර්ගය ගමනාගමනය සුදුසු පරිදි නැවත යථා තත්වයට පත් කිරිමට කටයුතු කරන ලදි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සැඩ පහරට කැඩී ගිය ස්ථාන කලුගල් යොදා යථා තත්වයට පත් කිරිමේ ඉදිරි කටයුතු තවදුරටත් සිදුකරමින් පවති.

galle roade clearance afrtwe sea surge 2022-07-03 6  galle roade clearance afrtwe sea surge 2022-07-03 3  galle roade clearance afrtwe sea surge 2022-07-03 2

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079