INSARAG  clossing Ceromony  3අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ප්‍රමිතීන්ට අදාල වන අකාරයට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ නේවාසික පුහුණු පාඨමාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුධ, ගුවන් සහ නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ සුවසැරිය ගිලන් රථ සේවය යන ආයතන නියෝජනය කරමින් නිළධාරීන් 40 ක කණ්ඩායමක් මෙවර අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) පුහුණුව සදහා තොරාගැණුනු අතර දින 10 ක් පුරා පැවති මෙම පුහුණු වැඩසටහන සාර්ථකව නිම කරන ලැබූ නිළධාරීන් හට සහතික පත් පිරිනැමීම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස (29) වන දින ගම්පොළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත් විණි. අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ආසියා ශාන්තිකර කලාපීය සම්බන්ධීකාරක හරුකා එසාකි (Haruka Esaki) මහත්මිය මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.

කොළඹ ගිණි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, ගඟේවාඩිය නාවික හමුදා ආපදා ප්‍රතිචාර දැක්වීමේ පුහුණු පාසල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා විශේෂ කාර්යය බලකා මූලස්ථානය යන පුහුණු පාසල් ආශ්‍රිතව මෙම පුහුණු වැඩසටහන පැවැත්විණි.

INSARAG  clossing Ceromony  6  INSARAG  clossing Ceromony  9  INSARAG  clossing Ceromony  12

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079