අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුමාරිගම ග්‍රාම නිලධාරී වසමට අයත් ආන්දල් ඔයෙහි කෘෂිකාර්මික අමුණ කැඩී ජලය කාන්දු වන මට්ටමට පත්ව ඇති අතර මෙය තවදුරටත් පැවතියහොත් ගංගා නිමිනයේ පහළ ප්‍රදේශ වල ජීවත්වන ජන ජීවිත වලට සහ දේපළ වලට හානි සිදු විය හැකි බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍යය කටයුතු සොයා බැලීම සදහා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක, ගරු කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර සහ ගරු පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍යය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම යන අමාත්‍යතුමන්ලා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් යෙදිණි.
මෙහිදී වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමා ගේ උපදෙස් මත යුධ, නාවික හමුදා භට පිරිස් සම්බන්ධ කර ගනිමින් අදාල අමුණ ප්‍රතිසංස්කරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. ජනතාවගේ හා දේපල වල ආරක්ෂාව තහවුරු කිරීමටත් කෘෂිකාර්මික කටයුතු සදහා ජලය සංරක්ෂණය කිරීමටත් මෙ මගින් හැකි විය.
24 වන බල සේනාංකාධිපති, නැගෙනහිර නාවික අඥාපති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ යුධ හමුදා හා නාවික හමුදා නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබීය.
ආන්දල් ඔය කෘෂිකාර්මික අමුණේ ජලය කාන්දුට පිළියම්
News & Events
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
- නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
Call Center
117General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
Fax: +94 11 2670079