Monsoon Preparedness Meeting 2022 - Puttlam District  001අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණ කිරීම සඳහා වු ආපදා පෙරසුදානම් සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අරමුණු කර ගනිමින් පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්විම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.

නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් දිස්ත්‍රික්කය තුළ ඇති විය හැකි ජල ගැලීම්, තද සුළං, අකුණු, ගස් පෙරලීම්, අතු කඩාවැටීම්, වසංගත රෝග පැතිර යාම ආදී  ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විම පිළිබදවත් ජලය බැස යෑමේ කාණු පද්ධති පවිත්‍ර කිරීම හා කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේද භාවිතය පිළිබඳවත් ගෙන ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් පිළිබඳව අවධානය යොමු කරන ලදී. 

ආපදා හේත්වෙන් අවතැන් විය හැකි ජනතාව සදහා අවශ්‍ය පිසු ආහාර ලබාදීම, දිස්ත්‍රික්කය තුළ අවදානමට ලක්වී ඇති වැව්, මහා මාර්ග වැනි යටිතල සහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබදව ද මෙහි දී විශේෂ අවධානයට යොමු විය.

දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් හදිසි ප්‍රතිචාර දැක්විම සදහා අවශ්‍ය සම්පත් හා පවතින අඩුපාඩු අවම කරගනිමින් අපදා තත්වයක දී ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කරන ලදී.

පුත්තලම දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම නිරිත දිග මෝසම් පෙරසූදානම් කමිටු රැස්වීම සදහා සදහා පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධව කටයුතු කරන පාර්ශවකාර ආයතන නිලධාරින් සහභාගි විය.

Monsoon Preparedness Meeting 2022 - Puttlam District  1  Monsoon Preparedness Meeting 2022 - Puttlam District  2  Monsoon Preparedness Meeting 2022 - Puttlam District  10

 

පුත්තලම දිස්ත්‍රික් නිරිතදිග මෝසම් පෙරසූදානම් කමිටු රැස්වීම

අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණ කිරීම සඳහා වු ආපදා පෙරසුදානම් සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අරමුණු කර ගනිමින් පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්විම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.

නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් දිස්ත්‍රික්කය තුළ ඇති විය හැකි ජල ගැලීම්, තද සුළං, අකුණු, ගස් පෙරලීම්, අතු කඩාවැටීම්, වසංගත රෝග පැතිර යාම ආදී  ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විම පිළිබදවත් ජලය බැස යෑමේ කාණු පද්ධති පවිත් කිරීම හා කසළ බැහැර කිරීමේ නිසි ක්රමවේද භාවිතය පිළිබඳවත් ගෙන ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් පිළිබඳව අවධානය යොමු කරන ලදී.

ආපදා හේත්වෙන් අවතැන් විය හැකි ජනතාව සදහා අවශ්‍ය පිසු ආහාර ලබාදීම, දිස්ත්‍රික්කය තුළ අවදානමට ලක්වී ඇති වැව්, මහා මාර්ග වැනි යටිතල සහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබදව මෙහි දී විශේෂ අවධානයට යොමු විය.

දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් හදිසි ප්‍රතිචාර දැක්විම සදහා අවශ්‍ය සම්පත් හා පවතින අඩුපාඩු අවම කරගනිමින් අපදා තත්වයක දී ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කරන ලදී.

පුත්තලම දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම නිරිත දිග මෝසම් පෙරසූදානම් කමිටු රැස්වීම සදහා සදහා පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධව කටයුතු කරන පාර්ශවකාර ආයතන නිලධාරින් සහභාගි විය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052