IMG-20220304-WA0031නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම හා ආපදා අවදානම් තත්වයෙන් ජනතාව මුදවාගැනීම අරමුණු කර ගනිමින් ආපදා පෙරසුදානම් හා සැලසුම් සකස් කිරීම, පවතින සැලසුම් යාවත්කාලීන කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රිකයේ දැඩි ආපදා අවදානම් සහිත ග්‍රාම නිළධාරී වසම්වල ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු යාවත්කාලීන කිරීම සහ නිරිත දිග මෝසම් වර්ෂා සමය ආරම්භවීමත් සමග ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව ජනතාව දැනුවත් කිරීම පසුගිය දා සිදු කරන ලදී. මෙහි දී ප්‍රජා සහභාගිත්වය ඇතිව ග්‍රාමීය ආපදා පෙරසුදානම් සැලසුම් සකස් කිරීම, ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුවට අදාලව අනුකමිටු පිහිටුවීම, එම එක් එක් කමිටු සාමාජිකයින්ට අයත් කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීම තුළින් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සවිමත් කිරීම හා හදිසි අවස්ථාවක දී ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමේ ක්‍රමවේදය පිළිබදවත් රැස්ව සිටි ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදි.

IMG-20220304-WA0043  IMG-20220304-WA0055  IMG-20220304-WA0057

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052