කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව විවිධ ආපදා තත්ත්වයන් මත පිඩාවට පත් වී ඇති බව පසුගිය වර්ෂයේ වාර්තා පරිශීලනය කිරිමෙන් නිරික්ෂණය වේ. එම නිසා වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරිම මෙන්ම විය හැකි ආපදා තත්වයන් කළමනාකරණයේ දී වතු පාලනාධිකාරියේ කාර්යභාරය හා ආපදා අවස්ථාවල දී ජනතාව සුරක්ෂිත කිරිමේ ක්‍රමවේද පිළිබඳව වතු අධිකාරීවරු දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දා කෑගල්ල වැවිලි මානව සංවර්ධන භාරයේ රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදී.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළබදව වතු අධිකාරීවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ මෙම වැඩසටහන තුළින් වතු ආශ්රිත ප්‍රදේශය තුළ පවතින ආපදා අවදානම හදුනාගැනීම, හදිසි ආපදා අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය, හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ ක්‍රියාවලිය සහ දිස්ත්‍රික්කය තුළ හදුනාගන්නා ආපදා අවදානම ඉවත් කර ගැනීම සදහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය සහ ආපදා පුර්ව අනතුරු ඇගවීම් ක්‍රියාවලිය මෙන්ම ආපදා සංනිවේදන ක්‍රමවේදය පිළිබදව කෑගල්ල දිස්ත්‍රික් වතු අධිකාරිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
එසේම වතු ජනාවාස ආශ්‍රිතව ඇතිවන ආපදා අවදානම් අවම කර ගැනීම සදහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව සිදු කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලදී.