ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.09.29 දින අනුරාධපුර ග්‍රෑන්ඩ් ක්‍රවුන් හෝටලයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණය පිළිබඳව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩ වැඩසටහනේ අරමුණ වේ. ආපදා කළමනාකරණය පිළිබඳව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කර ගැනීමේ කාර්ෂයක්ෂම ක්‍රමවේදයක් සකස් කිරීමේ අභිප්‍රාය ඇතිව ආපදා කළමනාකරණය පිළිබදව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුලු දීපව්‍යාප්තව පවත්වනු ලැබේ. මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුලුව මෙදින සංවිධානය පවත්වන ලදී.

ආපදා සංනිවේදනයේ දී පුර්ව දැනුවත් කිරීම් සහ සත්‍ය දත්ත සහ තොරතුරු ජනතාවට ලබාදීම තුළින් ආපදාවලින් සිදුවන ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීමත් මිනිස් ක්‍රියාකාරකම් කිරසර ආකාරයෙන් සිදුකිරීමට ජනතාව දැනුවත් කිරීමත් මෙම වැඩමුලු පැවැත්වීම තුළින් බලාපොරොත්ත්වේ. එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කරගැනීම සහ ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම පිළිබදව පුර්ව දැනුවත් කිරීමේ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව ජනතාවට තොරතුරු ලබාදීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සදහා වු වැඩපිළිවෙළක් මෙම වැඩසටහනට ඇතුලත් වේ.

ආපදා කළමනාකරණය පිළිබද තාක්ෂණික ඉදිරිපත් කිරීම් සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනේ පළමු සැසියට ඇතුළත් විය. කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා සහ ඒවායෙන් සිදුවන ජීවිත සහ දේපල හානි අවම කරගැනීම සදහා ජනාතාව දැනුවත් කළ යුතු ආකරය පිළිබදව කාලගුණ විද්‍යාඥ චමීර දිනේෂ් මහතා මාධ්‍යවේදීන් දැනුවත් කරන ලදී. ආපදා සහන ලබාදිමේදී පවතින ප්‍රතිපත්ති සහ චක්‍රලේඛන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය පිළිබදව දිස්ත්‍රික් ආපදා සහනසේවා නිධාරීනී ප්‍රශීලා ලියනගේ මහත්මිය ගේ දේශනයට ඇතුලත් විය. ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදි මාධ්‍ය කාර්යභාරය පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා විසින් සිදු කරන ලදී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා සහන සේවා මධ්‍යස්ථානය යන ආයතනවල සම්පත් දායකත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුලුව සදහා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිළධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් මෙම අවස්ථාවට සහගාගීවිය.

දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මීලග වැඩසටහන මඩකළපුව දිස්ත්‍රික්කයේ පැවැත්වේ.

awareness prgrm23 awareness prgrm14 awareness prgrm25

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052