වසරක පුහුණුව අවසානයේ ගොවිජන සේවා, ප්‍රාදේශීය වාරි, වනජීවි, සුළු අපනයන භෝග ප්‍රවර්ධන ආදී ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ක්ෂේත්‍ර වල රාජකාරී ඉටු කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති රාජ්‍ය සේවයේ තනතුරු සදහා බදවා ගත් බදුල්ල දිස්ත්‍රික්කයේ නවක උපාධිධාරීන් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කෙරිනි.
දිස්ත්‍රික්කය තුළ පවතින අවදානම් තත්ත්ව සම්බන්ධයෙන් දැනුවත් කිරීම, ක්‍රියාත්මක ආපදා කළමනාකරණය යාන්ත්‍රණය, හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ ක්‍රියාවලිය පිළිබද මෙන්ම බදුල්ල දිස්ත්‍රිකයේ ආපදා අවදානම් ප්‍රදේශයවල ග්‍රාමීය කමිටු සදහා ලබා දී ඇති වර්ෂාමාන භාවිතා කරමින් ආපදා අවදානම හදුනා ගැනීම පිළිබද දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඊට අමතරව ආපදා හා අවදානම් අවස්ථාවක දී ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ පුර්ව දැනුවත් කිරීම් ක්‍රමවේද පිළිබද සිද්ධාන්තික මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙම පුහුණු සැසියට ඇතුලත් විය.