Fire safety training and mock drill  2022 13හදිසි ආපදාවක බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දීප ව්‍යාප්ත මට්ටමින් මහ ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේ ද අනුගමනය කිරීම පිළිබදව මහජනතාව, රාජ්‍ය නිළධාරින්, ආරක්ෂක අංශ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ගිනි ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහන් මාලාවක් අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු සහ සමන්තුරේ නගර ආශ්‍රිතව පසුගිය දා සංවිධානය කරන ලදී.

ගිනි ගැනීමක දී කටයුතු කළයුතු ආකාරය පිළිබද පවතින අනවබෝධය, අප විසින් අනුගමනය කරනු ලබන වැරදි ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රායෝගිකව ආපදා අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මනා වැටහීමක් නොමැතිවීම හේතුවෙන් සිදුවිය හැකි හානිය විශාල වේ. මේ නිසා ආපදාවට පෙර, ආපදා අවස්ථාවේ දී සහ ආපදාවකින් පසු අනුගමනය කළ යුතු කරුනු පිළිබද මහජනතාව දැනුවත් කිරීමටත්, විධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම තුළින් ආපදා අවදානම් අවම කරගැනීම සදහා වු පරිසරයක් රටතුළ නිර්මාණය කිරීම සදහාත් මෙවන් පෙරහුරු වැඩසටහන් සංවිධාන කෙරේ.

මෙම වැඩසටහන තුළින් ගිනි ආපදාව පිළිබදව දැනුවත් කිරීම සහ එවන් අවස්ථාවක දී සිදු විය හැකි හානිය අවම කර ගැනීම සදහා සැලසුම් සහගතව ක්‍රියා කළයුතු ආකාරයත් හා සාමුහිකව ආපදා තත්ත්වයක දී කටයුතු කිරීම පිළිබද ව අදාල නිළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත අක්කරේපත්තු සහ සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අක්කරේපත්තු සහ සමන්තුරේ පළාත්පාලන ආයතන, යුධ හමුදාව, පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් මෙම පෙරහුරු වැඩසටහන සංවිධානය කරන ලදී.

Fire safety training and mock drill  2022 16  Fire safety training and mock drill  2022 34  Fire safety training and mock drill  2022 32

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079