අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධීක්ෂණය යටතේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන් හට ආපදා කළමනාකරණ විෂය පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී.
ඒ අනුව කලුතර දිස්ත්‍රික්යේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර එම වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් වශයෙන් හොරණ විද්‍යාරතන පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් එම පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩ සටහනක් පසුගිය දා පැවැත් විණි.
කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිනි.