ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ග්‍රාමීය මට්ම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ බිම් මට්ටම දක්වා පුර්ව දැනුවත් කිරීම් පණිඩිඩ ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීම අරමුණු කරගනිමින් ග්‍රාමීය ආපදා කමිටු පිහිටුවීම, පවතින ග්‍රාමීය කමිටු ශක්තිමත් කරමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ.
ඒ අනුව ඉදිරියේ දී ඇතිවිය හැකි නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමග ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණය කර ගනිමින් ජීවිත සහ දේපළවලට ඇතිවිය හැකි බලපෑම අවම කර ගැනීම සදහා පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උයන්කැලේ සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රෙමුණගොඩ යන ග්‍රාම නිළධාරී වසම්වල ග්‍රාමීය ආපදා සැලසුම් සකස්කිරීම ග්‍රාම නිළධාරී ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහ ග්‍රාමීය ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පසු ගිය දා පැවැත්විනි.
ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවීමට සහ යාවත්කාලීන කිරීම පිළිබද අධ්යක්ෂ ජනෙරාල්තුමාගේ උපදෙස් අනුව කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.