නිරිත දිග මෝසම් වර්ෂාපතනය හේතුවෙන් සිදුවිය හැකි ගංවතුරු ආපදා තත්ත්වයට සාර්ථකව මුහුණදීම වෙනුවෙන් නිරිතදිග මෝසම් වර්ෂාව නිසා ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක වල ආපදා පෙර සුදානම් හා සැලසුම් සකස් කිරීම මෙන් මහජනතාව දැනුවත් කිරීම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ මෙහෙයවීමෙන් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්මලේ කන්ද ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමීය කමිටුව යාවත්කාලීන කිරීමේ වැඩසටහන රන්මලේ කන්ද ග්‍රාම නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ හා ප්‍රජාවේ සහභාගිත්වයෙන් පසුගිය දා සිදු කරන ලදී.