ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුනු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
මෙම වැඩසටහන යටතේ කලුතර දිස්ත්‍රික් ගංවතුර ආපදා අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, දොඩංගොඩ හා මදුරාවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සිවිල් නිලධාරීන් ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නඩත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනක් පසුගිය දා කලු ගග ආශ්‍රිතව පැවැත්විනි.
ගංවතුර ආපදාවකදී ජලය මත යාත්‍රා හැසිරවීම, ආපදාවට ලක්වු පුද්ගලයින් මුදවාගැනීම, ආරක්ෂිතව යාත්‍රා මඟින් ප්‍රවාහනය කිරීම, ආරක්ෂිතව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කරවීම, යාත්‍රාවන්හි එන්ජින්වල ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුම ලබාදීම හා හදිසි අවස්ථාවක දී යාත්‍රා එන්ජින් යථා තත්ත්වයට පත්කරවීම සම්බන්ධයෙන් නිළධාරීන් දැනුවත් කිරීමට සිදු කරන ලදී.