නියං ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජලය සැපයීමට ජල බවුසර් සහිත ට්‍රැක්ටර් ලබාදීම අද (2017.08.15) දින ආපදා කළමානාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එස් මියනවල මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාශයේ දි සිදු කෙරිණ.



ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රතිපාදන යටතේ ජල බවුසර් 10 ක් සහ ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන යටතේ බවුසර් 10 ක් මෙසේ අද දින නියගයෙන් පීඩාවට පත්වූ දිස්ත්‍රික්කවල ජනතාවට සහන සැලසීම වෙනුවෙන් බෙදාදෙන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජී.එල්.එස් සේනාධීර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

2017 වර්ෂයේ දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල ජනතාවට ජලය සැපයීම සදහා ජල බවුසර් 62 ක් සහ ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් ජල බවුසර් 110 ක් බෙදා දී ඇත. ඊට අමතරව නියගගයෙන් පීඩාවට පත් ජනතාවට ජලය සැපයීම සදහා කොරියන් රජයේ ආධාර යටතේ ලොරි ජල බවුසර් 08 ක් ලබා දී ඇත. පානීය ජලය ලබාදීම වෙනුවෙන් රජය විසින් 2017 ජනවාරි මස සිට මේ වන විට රුපියල් මිලියන 55 ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇත.

එසේම නියගයෙන් පීඩාවට පත් ජනතාවට නියං සහනාධාර වශයෙන් මසකට රුපියල් 5000.00 ක සහනාධාරයක් ගෙවීම සඳහා රුපියල් බිලියන 01 ක මුදලක් අදාල දිස්ත්‍රික් ලේකම්වරු වෙත මේ වන විටත් ලබාදී ඇත.

07 15 03

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079