Tri forces Doctors Training 2022-03-14 3

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධී හදාරණ ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා වෛද්‍ය නිළධාරීන් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහන 2022.03.14 දින පැවැත්විණි.

රට තුළ ක්‍රියාත්මක ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම්දිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.

සමාරම්භක අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය සහ වගකීම පිළිබදව අදහස් දක්වන ලද අතර සෙවීම් හා මුදවාගැනීම් සහ ආපදාවට ලක් වන ජනතාවගේ සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය කාර්යමංඩල දායකත්වය පිළිබදව ද අවධාරණය කරන ලදී.

Tri forces Doctors Training 2022-03-14 4 Tri forces Doctors Training 2022-03-14 6 Tri forces Doctors Training 2022-03-14 5

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052