assume Duties 01ගරු විමලවීර දිසානායක අමාත්‍යතුමා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යධුරයේ අද දින රාජකාරි ආරම්භ කිරීම අද (09) දින ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.ආපදාවකින් පසු විපතට පත්වුවන් සදහා සහන සැළසීම, වන්දි ගෙවීම හෝ ආපදාවක් සිදු වු පසු ඒ සදහා විසදුම් සෙවීමට කටයුතු කරන අතර තුර විපතක් සිදුවීම වළක්වා ගැනීමටත් ආපදාවලට අනුවර්නය වී හැකිතාක් දුරට විපත් අවම කරගැනීම සදහා වු පෙරසුදානම ක්‍රියාවලිය සදහා අමාත්‍යාංශයක් වශයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. එසේම ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද ශත්කිමත් පුරවැසියෙක් බිහි කිරීම ආපදා කළමනාකරණ යේ දී අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යතුමා මෙහි දී පෙන්වා දෙන ලදී.

අතිගරු ජනාධිපතිතුමා යටතේ ඇති අමාත්‍යාංශයක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපේක්ෂා කරන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම සදහා සියලු නිධාරීන්ගේ සහයෝගය සහ කැපවීම අපේක්ෂා කරන බව අමාත්‍යතුමා අවධාරණය කරන ලදී.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය රටතුළ ක්‍රියාත්මක කිරීම සදහා වු සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් ආකාරයෙන් පවත්වාගැනීම සදහා අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන වල වගකීම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව අමාත්‍යාශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා මෙහි දී අවධාරණය කරන ලදී.

සුනාමි ව්‍යසනයෙන් පසු ආපදා කළමනාකරණ පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බවත් ඇති විය හැකි ඕනෑම ව්‍යසන තත්වයක දී රටේ මහජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමේ වගකීම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැවරී ඇති බවත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මෙම අවස්ථාවේ දී පෙන්වා දෙන ලදී. මෙම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා ජ්‍යාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික වශයෙන් විවිධ පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය කරමින් රටේ ව්‍යසන කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කටයුතු කිරීමේ වගකීම අමාත්‍යාංශය වෙත පැවරී ඇති බව තවදුරටත් අවධාරණය කරන ලදී.

assume Duties 03   assume Duties 05   assume Duties 02

assume Duties 08   assume Duties 07   assume Duties 09

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052