Estern Province Governer visit  3නැගෙනහිර පළාත තුළ ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක පාලම්පාරු අනතරු අවම කරගනිමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගැනීම සදහා වන ආරක්ෂිත මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාච්ඡා කිරීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය අද (25) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී හමු විය.

අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාච්ඡා කළ අතර ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් භාවිත කිරීම සදහා ආරක්ෂිත කබා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමි වෙත ලබා දීම සිදු කෙරිණි.

  Estern Province Governer visit  2   Estern Province Governer visit  4

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052