Fire Programme 2022-01-31 3ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය, ආපදා කළමකාරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යන ආයතන වල නිළධාරීන් ගිණි ආරක්ෂණ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 31 වන දින රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් විනි.

ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ගිණි ආරක්ෂණ පද්ධතිය පිළිබදව මෙන්ම හදිසි ගිනි තත්වයන් පාලනය කිරීම සහ ගිනි ආපදා තත්වයක දී ආරක්ෂිත මාර්ග ඔස්සේ සුරක්ෂිතාව තහවුරු කරගනිමින් නම් කර ඇති ආරක්ෂිත ස්ථානය වෙත ගමන් කිරීම දක්වා ක්‍රියාවලිය සිදු කළයුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සිදු වු අතර ගිණි නිවීමේ උපකරණ ක්‍රියාත්මක කිරීම පිළිබදව සිද්ධාන්තික හා ප්‍රායෝගික පුහුණු සැසියක් මගින් සහභාගී වු නිළධාරීන් දැනුවත් කිරීම මෙම පුහුණු වැඩසටහනට ඇතුලත් විය.

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශය, ආපදා කළමකාරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යන ආයතන නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Fire Programme 2022-01-31 2  Fire Programme 2022-01-31 4  Fire Programme 2022-01-31 5

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052