Ministry Training Programme 2021-12 6රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ අංශයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් අත්පත් කර ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් අනුව අසහනකාරී චිත්තාවේග මෙන්ම මානසික බිඳවැටීම් අවමකර ගනිමින් රාජකාරී ඉටු කිරීම සදහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ තෙදින වැඩමුලුවක් පසුගිය දා ආපදා කළමානකරණ අංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුලු ආපදා කළමනාකරණ අංශයේ සියලු ආයතනවල නිළධාරීන් මෙම තෙදින වැඩමුලුවට සහභාගී වු අතර එදිනෙදා රාජකාරි කටයුතු සිදු කිරීමේ දී ගැටළු විසඳීමේ ක්‍රමශිල්ප, නිර්මාණාත්මක චින්තනය, සාමුහිකත්වය සහ කණ්ඩායම් හැගීම ගොඩනැගීම සහ අන්තර් පුද්ගල සබදතා වර්ධනය කිරීම හා නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීම යනා දී ක්ෂේත්‍ර මෙම තෙදින වැඩමුලුවට ඇතුලත් විය.

Ministry Training Programme 2021-12 3   Ministry Training Programme 2021-12 2   Ministry Training Programme 2021-12 4

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052