IMG 9995

ආපදා අවදානම අවම කර ගැනීම සදහා විධිමත් සම්බන්ධීකරණයක් ස්ථාපිත කිරීමත් ඇතිවිය හැකි ආපදා අවම කරගැනීමත් අරමුණු කරගනිමින් දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්කර පෙරසුදානම් හා සම්බන්ධීකරණ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වගෙන යාමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උපදෙස් ලාබ දී ඇත.

ඒ අනුව දිස්ත්‍රික් ලේක‌ම්තුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ෂවකාර ආයතන සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිව දා පැවැත්විණි.වර්තමානයේ පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වන බැවින් ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්වය කළමනාකරණය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව මෙහි දී සොයාබලන ලදී.

ගංවතුර, ජලගැලීම්, තද සුළං, ගස් කඩාවැටීම්, අකුණු අනතුරු, වනඅලි තර්ජණ සහ නියංතත්වය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ආපදා අවදානම් තත්වයන් වන බවත් දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ලම පීරී පවතින නිසා ඉදිරියේ දී අපේක්ෂිත ආකාරයෙන් වැසි වාර්තා වුව හොත් ගංවතුර අවදානම් තත්වයක් විය හැකි බව මෙහි දී අවධාරණය කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරි ජලාශ 14 ක් ද මධ්‍ය වාරිමාර්ග 85 ක් ද සුළු වාරි පද්ධති 6457 ක් පවතින බවත් එසේම මල්වතු ඔය, යාන් ඔය ගංධාර පහත්බිම් සළකා බලන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් පවුල් සංඛ්‍යාව 11,3340 ක් බවත් දිස්ත්‍රික් ආපදා පෙර සුදානම් කමිටු රුස්වීමේ දී අනාවරණය විය.ඒ අනුව දැඩි අවදානම් ප්‍රදේශ සදහා වැඩි අවධානයක් යොමු කිරීමටත් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් කමිටුව විසින් තීරණය කරන ලදී.

IMG 9994  IMG 9992  IMG 0010 

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052