SLIA Programme 1ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ සිව් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන අද දින (2021.11.30) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී ආරම්භ විය.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සදහා සෘජුව සම්බන්ධ වන රාජ්‍ය නිළධාරීන්ගේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම සහ කුසලතා වර්ධනය කිරීම මෙම පුහුණු වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කේ.එම්.එස්.ඩී ජයසේකර ඇතුලු නිළධාරී පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

SLIA Programme 9  SLIA Programme 8  SLIA Programme 5

මෙම අවස්ථාව ආවරණය කරන ලද ඡායාරූප https://www.facebook.com/dmc.gov.lk/ හි පළ කර ඇත.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079