Airforce training 2021-11-2ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ ‍ සෙවීම් සහ මුදවාගැනීම් පිළිබද පුහුණු පාඨමාලාව හදාරණු ලබන ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාරකණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2011.11.25 දින සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සහ නෛතික පසුබිම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වගකීම සහ කාර්යභාරය සහ ආපදා කළමනාකරණය ක්‍රියාවලියේ දී අනුගමනය කරනු ලබන හදිසි මෙහෙයුම් ක්‍රමවේද යනා දී විෂය ක්ෂේත්‍ර මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබද මෙම පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

 

Airforce training 1 Airforce training 4 Ari force training

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052