Nuwara Eliya visit 2021-11-12 1පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවු ආපදා නිසා නුවරඒලිය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (2021.11.12) කටයුතු කරන ලදී.

නුවරඒලිය දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් ආපදා අවම කරගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව නුවරඒලිය නගරාධිපති සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නුවරඑලිය නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල හානියට හානියට පත් වු නිවාස සහ යටිතල සහසුකම් සහ ඒම ප්‍රදේශවල ගංවතුර අවදානම සදහා බල පා ඇති සාධක පිළිබදව සොයා බැලීම සිදු කරන ලදී.

මෙහි දී නගරයේ ගංවතුර අවදානම අවම කිරීම සදහා පළාත්පාලන ආයතනය සමග දිගුකාලීන ඒ්කාබද්ධ වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබදව නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

Nuwara Eliya visit 2021-11-12 4Nuwara Eliya visit 2021-11-12 2Nuwara Eliya visit 2021-11-12 3

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079