World Tsunami Day 2021  2සුනාමි ආපදාවක සුරක්ෂිතාව තවහුරු කර ගැනීම සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු කරවීම සදහා 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී සුනාමි ආපදා පිළිබදව දැනුවත් කිරීම සදහා සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් නම් කර ඇත. එ් අනුව සෑම වර්ෂයකම නොවැම්බර් 05 වන දින ලෝක සුනාම් ආපදා දැනුවත් කිරීමේ දිනය සැමරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු බොහෝ රටවල් කටයුතු කරන අතර ආපදා අවදානම් අවමකිරීම සදහා වන ජාත්‍යන්තර සම්මුතිය වන සෙන්දායි රාමුව තුළ මුදුන් පමුනුවාගත යුතු ඉලක්ක අතරින් සත්වන ඉලක්කය වන “සංවර්ධනය වෙමින් පවතින රටවල ආපදා අවදානම සහ ආපදා පාඩු අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව”කෙරෙහි අවධානය යොමු කිරීම මෙවර “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දින” තේමාව විය.

“උගනිමු, බෙදාදෙමු, ක්‍රියාකරමු” යන තේමාව මුල් කරගනිමින් ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව 2021 නොවැම්බර් 05 දින සිට 08 දිනය දක්වා වැඩ සටහන් මලාවක් පැවැත්වීට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකාව සුනාමි අවදානම අවම කිරීම සඳහා පසුගිය දශක දෙක තුළ කටයුතු කර ඇති ආකාරය ලොවට පෙන්වීමට ඇවස්ථාවක් කර ගනිමින් “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” සැමරුම් ජාතික වැඩසටහන ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් අද දින (09) ආපදා කනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ගංවතුර, නායයාම් මෙන් සුනාමි ආපදාව පිළිබදව වාර්තාවීම ඉතා දුලබ වුව ද සුනාමි හේතුවෙන් ජනජීවිතයට දැඩි බලපෑමක් ගෙන දෙන බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පසුගිය දශක දෙකක කාලය තුළ සුනාමි ආපදා අවදාන අවම කිරීම වෙනුවෙන් ජාතික සැලසුම්, ආයතනික සැලසුම් මෙන්ම සුනාමි ආපදා පෙරසුදානම් සැලසුම්, සුනාමි සම්මත මෙහෙයුම් පටිපාටි (SOP) සකස් කර ඇති බවත්, සුනාමි පෙරහුරු වැඩසටහන්, සුනාමි ආපදා අවදානම් කළපවල ජීවත්වන ජනතාව දැනුවත් කිරීමේ වැසසටහන් වාර්ෂිකව පවත්වන බවත්, සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේද ශක්තිමත් කර ඇති බවත් ඒවා නිරන්තරයෙන් පරීක්ෂාවට භාජනය කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පෙන්වා දෙන ලදී. එසේ උවද සුනාමි ආපදා අවස්ථාවක දී උගත් දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට අපහසු බව පෙන්වා දෙන ලදී. එනිසා නිරංතර දැනුම යාවත්කාලින වීම සහ ප්‍රායෝගික පුහුණුව මෙන්ම ජනතා අවධානම මේ පිළිබදව යොමු කරවීමේ අවශ්‍යතාව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවදුරටත් පෙන්වා දෙන ලදී.

ඉන්දියානු සාගර සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ ආපදා අවදානම් නිවේදන ජාතික වශයෙන් හදුනාගත් පාර්ශවකරුවන් වෙත ලබාදීමේ ක්‍රමවේදය සහ ඒ සම්බන්ධ යෙන් පවතින මාර්ගෝපදේශ පිළිබදව ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධති (Indian Ocean Tsunami Warning System.(IOTWS). ප්‍රධානී රික් බේලි මහතා විසින් ද සුනාමි පෙරසූදානම් වැඩසටහන මගින් ඉන්දියාවේ වෙරළබඩ ප්‍රජාව සුනාමි පෙරසුදානම පිළිබදව ඉන්දීය රජයේ සාගර තොරතුරු සේවා සඳහා ඉන්දියානු ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ශ්‍රීනිවාස් කුමාර් තුම්මාල මහතා විසින් ද සුනාමි ආපදා අවදානම් අවම කිරීම සහ පුර්ව සුදානම් බව ස්ථාපිත කිරීම සදහා සංවර්ධනය වෙමින් පවතින රටවල ආපදා අවදානම සහ ආපදා පාඩු අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබදව හඩර්ස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩිලන්ති අමරතුංග මහත්මිය විසින් ද අදහස් දක්වන ලදී.

ඉන්දීය සාගරය තුළ සුනාමි ආපදා අවදානම සහිත දූපතක් වශයෙන් ශ්‍රී ලංකාව සුනාමි ආපදාවක දී ක්‍රියාත්මකවීමේ පෙරසුදානම පිළිබදව පවතින යාන්ත්‍රණයන් හි කාර්යක්ෂමතාව පිළිබද රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් විද්වත් සාකච්ඡාවක් මගින් සොයා බැලිණි. කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සහ මාර්ග ගත තාක්ෂණය ඔස්සේ විශල පිරිසකගේ සහභාගීත්වයෙන් ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දින සැමරුම් ජාතික වැඩසටහන පැවැත්විණි.

World Tsunami Day 2021  41 World Tsunami Day 2021  4 World Tsunami Day 2021  8

World Tsunami Day 2021  5 World Tsunami Day 2021  49World Tsunami Day 2021  7

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079