හදිසි අනතුරු ඇඟවීම්

rss

 

World Tsunami Day 2021  DG office 12015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී සුනාමි ආපදා පිළිබදව දැනුවත් කිරීම සදහාසෑම වර්ෂයකම නොවැම්බර් 05 දින ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයවශයෙන් නම් කරසුනාමි ආපදාවකසුරක්ෂිතාව තවහුරු කර ගැනීම සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු කරවයි.

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දියට සමගාමීව 2021 නොවැම්බර් 05 දින සිට 08 දිනය දක්වා වැඩ සටහන් මලාවක් පැවැත්වීට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය යෙදෙනු නොවැම්බර් 05 දින දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුනාමි ආපදා අවදානමක් ඇති වෙරළබඩ දිස්ත්‍රික් 14 හි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් සුනාමි ආපදා අවදානම් අවමකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමේ පවතින සුනාමි පෙරසුදානම් ක්‍රියාවලියේ ප්‍රගතිය සොයාබැලීම මාර්ග ගත (zoom) ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරිණි.

 

මෙම සැසියේ දී වෙරළබඩ දිස්ත්‍රික්ක දාහතරෙහි සුනාමි ආපදා පෙරසූදානම, ප්‍රතිචාර යාන්ත්‍රණය, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන පියවරසම්බන්ධයෙන් පවතින සැලසුම් පිළිබදව සහ වත්මන් සුනාමි අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පිළිබදව අවධානය යොමු කරන ලදී.

එසේම සුනාමි අනතුරු ඇඟවීම් සහ ප්‍රතිචාර යාන්ත්‍රණය බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ දී පවතින ප්‍රායෝගික දුෂ්කරතා පිළිබදව සහ වත්මන් කොවිඩ්-19 වසංගතය සැලකිල්ලට ගනිමින් අනුගමනය කළ යුතු විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ඇතුළුව වත්මන් සුනාමි පෙරසූදානම හා සැලසුම්, සුනාමි පෙරසුදානම් වැඩසටහන්, ප්‍රතිචාර යාන්ත්‍රණ සහ පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් වැඩිදියුණු කිරීම පිළිබදවත් අවධානය යොමු කරන ලදී.

World Tsunami Day 2021  DG office 2World Tsunami Day 2021  DG office 4World Tsunami Day 2021  DG office 3

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052