Monsoon Preparedness Commitee meeting 01 3ඉදිරියේ දී සක්‍රිය විය හැකි ඊසාන දිග මෝසම් තත්වය සක්‍රීයවීම නිසා ඇතිවිය හැකි ආපදා අවම කරගැනීම සදහා දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්කර පෙරසුදානම් හා සම්බන්ධීකරණ ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උපදෙස් ලාබ දී ඇත.
ඒ අනුව දිස්ත්‍රික් ලේක‌ම්තුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ෂවකාර ආයතන සහභාගීත්වයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පසුගිය දා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිව දා පැවැත්විණි.


වර්තමානයේ පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වන බැවින් ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්වය කළමනාකරණය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව මෙහි දී සොයාබලන ලදී.
ඒ අනුව දැඩි අවදානම් ප්‍රදේශ සදහා වැඩි අවධානයක් යොමු කිරීමට ත් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ත් මෙහි දී කමිටුව විසින් තීරණය කරන ලදී.

Monsoon Preparedness Commitee meeting 01 2Monsoon Preparedness Commitee meeting 01 1

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052