දිවයින ආසන්නයේ වර්ධනය වී ඇති අඩු පීඩන පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ද ඇති විය හැකි බව එම නිවේදන යේ සදහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු පැවතිය හැකි බවත් දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් නිවේදනය කර ඇත.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙසත් ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.