DRR day 2021 5ආපදා අවදානම් අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මංඩලය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් 13 වන දින ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්න්තර දිනය ලෙස නම් කර ඇත. සාමුහිකත්වය තුළින් පමණක් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි යන තේමාව යටතේ ලොව පුරා සෑම රටක් ම මෙවර ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සමරනු ලැබේ.

“කොවිඩ්-19 සහ ව්‍යවස්ථිත අවදානම” යන තේමාව මුල් කරගනිමින් ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන වාරිමාර්ග අමාත්‍ය සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආපදා අවදානම අවම කිරීම සඳහා කටයුතු කරන ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් අද (13) දින කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ස්වභාවික සහ මිනිසා ගේ සෘජු මැදිහත්වීම හේතුවෙන් ඇතිවන ආපදා නිසා අහිමි වන ජීවිත, ජීවනෝපාය මාර්ග, ආපදා අවදානම සහ හානි අවම කිරීම සදහා ලොව අනුගමන කර ඇති ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පිළිබදව ලෝක අවධානය යොමු කිරීමට ඇති අවස්ථාවක් ලෙස ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර දිනය වැදගත් වන අතර ආපදා අවදානම් අවමකිරීම සදහා වන ජාත්‍යන්තර සම්මුතිය වන සෙන්දායි රාමුව තුළ මුදුන් පමුනුවාගත යුතු ඉලක්ක අතරින් සත්වන ඉලක්කය වන “සංවර්ධනය වෙමින් පවතින රටවල ආපදා අවදානම සහ ආපදා පාඩු අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව”කෙරෙහි අවධානය යොමු කිරීම මෙවර ජාත්‍යන්තර ආපදා අවදානම් අවම කිරීමේ ජාතන්තර දින ඉලක්කය විය.

මෙවර අපදා අවදානම් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ගෝලීය කොවිඩ්-19 වසංගතය පවතින වර්තමාන වකවානුව තුළ සෙන්දායි රාමුවේ සත්වන ඉලක්ය වන ආපදා අවදානම් අවම කරගැනීම සදහා ගෝලීය සහයෝගීතාව වැදගත්කම අවධාරණය කරමින් සැමරීමේ වැදගත්කමත් කෝවිඩ් 19 වසංගතයෙන් පීඩා විදින ලොව සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් හොඳින් ආපසු ගොඩනැගීම පිණිස ජාත්‍යන්තර සහයෝගය මෙන්ම ආධාර ලබා දීමේ වැදගත්කම පිළිබදව මෙම අවස්ථාවට මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගී වෙමින් ගරු අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී.

ඒසේම කෝවිඩ් 19 වසංගතය, ස්වභාව ධර්මය සමඟ තුළනයක් ඇතිකර ගැනීමටත්, හදිසි කාලගුණික ව්‍යසන අවස්ථාවලදී කටයුතු කිරීමටත් එසේම වඩාත් තිරසාර සමාජයක් නිර්මාණය කිරීමත් අතිවිශිෂ්ඨ අවස්ථාවක් නිර්මාණය කරදී ඇති බවත් එසේම පසුගිය වසර එකහමාරක පමණ කාලපරිඡේදය තුළ අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ද සිදුවූ බවත් “කොවිඩ්-19 සහ ව්‍යවස්ථිත අවදානම”යන තේමාව යටතේ ආපදා අවදානම් අඩුකිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික කාලෝචිත බවත් අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී.

විශේෂයෙන්ම කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් පවතින පසුගාමී තත්ත්වය තුළ අවදානම් දෙස පුළුල් පරාසයකින් බැලීමේ අවශ්‍යතාව මෙවර අපදා අවදානම් අවම කිරීමේ ජාත්‍යන්තර දින තේමාව මගින් නිවැරදිව ඉස්මතු කරන බවත් එමෙන්ම අවදානම් අවම කිරීමේ ක්‍රමෝපායන් පිළිබදව වඩාත් ඵලදායි ලෙස ආමන්ත්‍රණය කිරීමට හැකිවීම නිසා මෙම දිනය සැමරීමේ කාලීන බව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජනරාල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම අවසථාවට සහභාගී වෙමින් පෙන්වා දෙන ලදී.

“කොවිඩ්-19 සහ ව්‍යවස්ථිත අවදානම” තේමාව 2021 ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනයේ මූලික අරමුණුද සපුරාලන බවත් කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වී ඇති ප්‍රධාන අංශ කෙරෙහි විධිමත් දෘෂ්ඨිකෝණයකින් බලා වඩාත් හොඳින් අවබෝධ ලබාගැනීමේ වැදගත්කම පිළිබදව දේශීය හා විදේශීය වෘත්තිකයින් සහ ශාත්‍රවේදීන්ගේ අවධානය යොමුවිය යුතු බව ලේකම්තුමා තවදුරටත් අවධාරණය කරනු ලැබීය.

පවතින කොවිඩ්-19 වැනි ගෝලීය වසංගත තත්ත්වයක් තුළ ආපදා කළමනාකරණය යනු අන් කවරදාටත් වඩා බරපතල අභියෝගයක් බවත් වාර්ෂිකව ස්වභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කරීම, ආපදා අවදානම් අවම කිරීම වෙනුවෙන් ක්‍රියාකිරීම, ආපදා අවදානම් අවම කිරීම වෙනුවෙන් ජනතාව පෙර සුදානම් කිරීම ජනතාව දැනුවත් කිරීම මෙන්ම හදිසි ආපදා තත්වයක දී සෙවීම් සහ මුදවාගැනීම් කාර්ය භාරය ඉටකිරීම දක්වා වු වගකීම් පවතින කෝවිඩ් අවදානම් අභියෝග මධ්‍යයේ පවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉටු කරන බවත් මෙම කාර්ය සාර්ථක කරගැනීම සදහා ජාතික සහ ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය බවත් පෙන්වා දුන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථක අයුරින් ඉටු කිරීම සදහා අවශ්‍ය යටිතල සහසුකම් ද වැඩි දියුණු කරමින් පවතින බවත් ඒ සදහා තවදුරටත් ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බවත් පෙන්වා දෙන ලදී.

ආපදා අවදානම් අඩු කිරීමේ මෙම ජාත්‍යන්තර දිනය සැමරීම විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවට අභියෝග භාරගෙන යහපත් ලෝකයක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීමට දිරිමත් කරනු ඇති බවත් ශ්‍රී ලංකාවේ දෘෂ්ඨිකෝණයෙන් වසංගත තත්ත්වය හේතුකොට ගෙන සුවිශේෂී ලෙස බලපෑමට ලක්වී ඇති අංශ පිළිබදව මෙන්ම සම්ප්‍රදායික දෘෂ්ටිකෝණයකින් අවදානම්වල බහුමානික ස්වභාවය පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් තිබීමේ වැදගත්කම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පෙන්වා දෙන ලදී.

කාලගුණික වෙනස්වීම්, කොවිඩ්-19 වැනි වසංගත, ආහාර සුරක්ෂිත භාවය, බලශක්ති සුරක්ෂිතභාවය සහ බෝවෙන රෝග වැනි පුළුල් පරාසයක සහ එකිනෙකට සම්බන්ධවී ඇති “ගෝලීය අභියෝග” රාශීයකට වර්තමාන මානව සමාජය මුහුණ දෙමින් සිටීන බවත් මෙම ගැටළුවලට මුහුණ දිමට මෙන්ම ඒවායින් සිදුවන බලපෑම් සමඟ ගනුදෙනු කිරීමට ජාත්‍යන්තර සහයෝගය අත්‍යාවශ්‍ය බවත් දැනුම පදනම් වු සමාජයක් තුළ කටයුතු කිරීමේ දී ජාත්‍යන්තර සහයෝගය අත්හැරිය නොහැකි ලෙසින් වැඩිවෙමින් පවතින බවත් හඩර්ස්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිලන්ති අමරතුංග මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.

රටක් වශයෙන් තනිවම මුහුණ දිය නොහැකි ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් මුල්‍යාධාර සැපයීම මෙන්ම තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම අරමුණු කරගත් විවිධ ආයතන සහ ජාත්‍යන්තර සහයෝගීතාවයන් ද අත්‍යවශ්‍ය වන බවත් ලෝකයේ එවැනි සහයෝගීතා ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව මහාචාර්යතුමිය පෙන්වා දෙන ලදී.

එක්සත් රාජධානියේ හඩර්ස්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය ආපදා ප්‍රත්‍යස්ථික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ අවදානම් කළමනාකරණ ක්ෂෙත්‍රයේ ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කරුවෙකු වී ඇති බවත් ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති මෙන්ම පර්යේෂණ සහ නවෝත්පාදනයන් ශ්‍රි ලංකාවේ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ ආකර්ෂණීය ප්‍රතිඵල නෙලාගනු ලබන බවට සාක්ෂියක්බවත් හඩර්ස්ෆීල්ඩ් විශ්වවිද්‍යාලය 2014 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් විවිධ ක්ෂේත්‍රයන්හි පර්යේෂණ සිදු කරන බවත් පෙන්වා දෙන ලදී.

පවතින කෝවිඩ් 19 ව්‍යයසන තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වය සහිතව සහ වෙබ් පාදකව විශාල පිරිසකගේ සහභාගීත්වය පැවති මෙම අවස්ථාවට කීර්තිමත් දේශීය හා විදේශීය වෘත්තිකයින් සහ ශාත්‍රවේදීන් සිය අත්දැකීම් හුවමාරු කර ගත් අතර විශාල පිරිසක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගී විය.

DRR day 2021 1DRR day 2021 4DRR day 2021 2

DRR day 2021 6DRR day 2021 3DRR day 2021 8

IRRDAY 2021  1IRRDAY 2021  2IRRDAY 2021  3

DRR day 2021 6IRRDAY 2021  5IRRDAY 2021  6

ආපදා අවදානම් අවම කිරීම (DDRR) සඳහා වූ ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන ආවරණය කරන ලද ඡායාරූප  https://www.facebook.com/dmc.gov.lk/  අඩවියෙන් භාගක කර ගත හැකිය. 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079