කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම 

Colombo DM Committee 2021 කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම කොළඹ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් පදීප් උදුගොඩ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. 

පසුගිය නිරිත දිග මෝසම් වැසි සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හා නිරිත දිග මෝසම් ආපදා හේතුවෙන් ඇති වු ආපදා හානි සහ ගැටලු පිළිබදවත් තව දුරටත් නොවිසදුණු ගැටළු සම්බන්ධයෙන් මෙහි දී සාකච්චා කළ අතර එම ගැටළු විසදීම සදහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබද ව මෙහි දී අවධානය යොමු කරන ලදී. 

ඉදිරි කාලගුණ තත්වය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ගංවතුර තත්වය පාලනය කිරීම සහ වැසි ජලය නිසියාකාරව බැස නොයාම හේතුවෙන්  කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ඇති විය හැකි ක්ෂණික ජල ගැලීම් පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබදව දැනුවත් කරන ලදී.  

අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කර ලද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම සදහා දිස්ත්‍රික් පාර්ශවකාර ආයතන නියෝජිතයින් සහභාගී විය. 

Colombo DM Committee 2021  - 1 Colombo DM Committee 2021  - 2 Colombo DM Committee 2021  - 3

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම

 

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම කොළඹ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් පදීප් උදුගොඩ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.


පසුගිය නිරිත දිග මෝසම් වැසි සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හා නිරිත දිග මෝසම් ආපදා හේතුවෙන් ඇති වු ආපදා හානි සහ ගැටලු පිළිබදවත් තව දුරටත් නොවිසදුණු ගැටළු සම්බන්ධයෙන් මෙහි දී සාකච්චා කළ අතර එම ගැටළු විසදීම සදහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබද ව මෙහි දී අවධානය යොමු කරන ලදී.

 

ඉදිරි කාලගුණ තත්වය පිළිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ගංවතුර තත්වය පාලනය කිරීම සහ වැසි ජලය නිසියාකාරව බැස නොයාම හේතුවෙන්  කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ඇති විය හැකි ක්ෂණික ජල ගැලීම් පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබදව දැනුවත් කරන ලදී.  

 

අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කර ලද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම සදහා දිස්ත්‍රික් පාර්ශවකාර ආයතන නියෝජිතයින් සහභාගී විය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052