හරංගල නාවලපිටිය මාර්ගය කොත්මලේ ජලාශය ආසන්නයෙන් ගිලා බැසීමෙන් ජලාශයට කිසිදු බලපෑමක් නොමැත.

Kothmale 2021 -2හරංගල නාවලපිටිය මාර්ගය කොත්මලේ ජලාශය ආසන්නයෙන් ගිලා බැසීමක් සිදුවී ඇත. මේ පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ, යුධ හමුදාව, පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරවරයා සමග ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන ලදී. එහිදි මහවැලි සංවර්ධන අධිකාරියේ කොත්මලේ ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු විසින් කොත්මලේ ජලාශයට මෙමගින් කිසිදු හානියක් හෝ බලපෑමක් නොමැති බව තහවුරු කර ඇත.

මෙම තත්වය යථාවත් කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, යුධ හමුදාව, පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධීකරණය යෙන් මහවැලි සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලැබේ.

මේ වන විට හරංගල නාවලපිටිය මාර්ගය වසා ඇති අතර මෙම මාර්ගය භාවිතා කරන ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ඇතිවිය හැකි අවදානම් තත්වය පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධානයෙන් පසුවන අතර යම් අවදානම් ලක්ෂණයක් නිරීක්ෂණ වන්නේ නම් හැකි ඉක්මනින් 117 දුර කථන අංකයට දැනුම් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079