වර්ෂාවත් සමග නායයාම් පුර්ව ලක්ෂණ පිළිබදව සැළකිලිමත් වන්න.

DG NBROබෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථන අනුව බදුල්ල, නුවරඑලිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කලුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලත් කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික් සීමාවලට ආසන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ කදුකර ප්‍රදේශ නායයාම් සහ ඒ ආශ්‍රිත අපදා සිදුවිය හැකි බවත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පැතිබැමි, පස් කණ්ඩි කඩාවැටීමේ අවදානම් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පෙන්වා දෙන ලදී.

විශේෂයෙන්ම වර්ෂාවත් සමග නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල්, හා දුරකථන කණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙර පැවති උල්පත් බොරවීම, අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන ලෙසත් නිසි ආකාරව ජලය බැසයාම නායායාම් සුරක්ෂිතතාව සදහා වැදගත් සාධකයක් බැවින් පවතින කානු පද්ධති නඩත්තු කිරීම සහ ජලය බැස යාම සදහා පවතින අවහිරතා ඉවත් කිරීමට කටයුතු කරන මෙන් නායයාම් ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

 

වැඩි විස්තර සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රරෝකථන සහ ඉදිරිපත් කිරීම භාගත කර ගත හැකිය.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079