තද උණ හෝ ස්වසන අපහසුතා පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Dr Herathඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විනිස් අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ඇතිවිය හැකි ආපදා බලපෑමට ලක්වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වල කටයුතු කිරීමේ දී කෝවිඩ් - 19 රට පුරා පැතිරීමේ අවදානමක් පවතන බැවින් ඒ පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙම අදහස් පළ කරන ලදී.

 

විශේෂයෙන්ම ආපදා හේත්වෙන් අවතැන් විය හැකි ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ආපදා අවදානම් නිවේදන සමග සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යාමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් අනවශ්‍ය ලෙස ඒකරාශීවීම් පාලනය කරගනිමින් විධිමක් ආකාරයෙන් සේවා සැපයීම සදහා එය පහසුවක් වන බවත් පෙන්වා දෙන ලදී.

විශේෂයෙන්ම කොව්ඩ් 19 පිළිබදව අවධානය යොමු කළ ද මේ වන විට ඩෙංගු රෝගයේ ද යම් වැඩිවිමක් වාර්තාවන බැවින් පවතින වර්ෂා තත්වයත් සමග මේ පිළිබදව ද වැඩි සැළකිල්ලක් දැක්විය යුතු වබත් ඩෙංගු රෝගී තත්වය, තද උණ හෝ ස්වසන අපහසුතා පවතී නම් රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

එසේම පවතින සංචරණ සිමා කාල සීමාව තුළ තම නිවස අවට පරිසරය අවට මදුරුවන් බෝවන ස්ථාන පවතී නම් එවැනි ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කරන ලෙසත් අවධාරණය කරන ලදී.

 

පවතින කෝවිඩ් -19 තත්වය හමුවේ ආපදාවලට ලක්වු ජනතාව සෙවීම සහ මුදා ගැනීම සඳහා මාර්ගෝපදේශ සටහන (SAR)

 

 

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052