ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

DirectoIrrඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විනිස් අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ගංගා ද්‍රෝණි රැසක ගංවතුර ආපදා තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තර ගග, ගිං ගඟ, නිලවලා ගඟ සහ කිරම ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්ව විසින් නිවේදනය කර ඇත.

විශේෂයෙන්ම පසුගිය සතිය තුළ ඇතිවු වර්ෂාපතනය හේතුවෙන් දිවයිවනේ බොහෝ ජලාශ ජලයෙන්පිරී ඇති බවත් විශේෂයෙන්ම දැදුරු ඔය ජලාශය, උඩවලව ජලාශය සහ ඉගිනිමිටිය ජලාශය මේ වනවිටත් උපරිම ධාරිතාවයට ලගාවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී. ඉදිරියේ දී වර්ෂාවත් සමග මෙම ජලාශවල වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවත් පෙන්වා දෙන ලදී.

විශේෂයෙන්ම දැදුරුඔය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා තප්පරයට ගණ අඩි 16,000 ක ජල ධාරිතාවයක් දැදුරු ඔයට මුදාහරින්නනේ නම් දැරුදු ඔය දෙපස පහත් බිම් ජලයෙන් යටවනු ඇති බවත්, උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා තප්පරයට ගණ අඩි 12,000 ක ජල ධාරිතාවයක් වලවේ ගගට මුදාහරින්නනේ නම් වලවේ ගංගාව දෙපස පහත් බිම් ජලයෙන් යටවනු ඇති බවත්, ඉගිනිමිටිය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා තප්පරයට ගණ අඩි 8,000 ක ජල ධාරිතාවයක් මී ඔයට මුදාහරින්නනේ නම් මී ඔය දෙපස පහත් බිම් ජලයෙන් යටවනු ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර මහතා පැවසී ය.

එසේම අනෙකුත් ගංගා හා සම්බන්ධ ජලාශවල ජලමට්ටම් ද පිරී ඇති නිසා මේ දිනවල ගංගා අශ්‍රිත ක්‍රියාකාරකම් වලින් වැළකී සිටින ලෙස ද ගංවතුර අවදානම් නිවේදන පිළිබදව අවදානය යොමු කරන ලෙස ද ඉල්ලා සිටින ලදී.

වැඩි විස්තර සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රරෝකථන සහ ඉදිරිපත් කිරීම භාගත කර ගත හැකිය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052