ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වන අඩුපීඩන කලාපය පිළිබද  නිවේදනය

The Advisory for Cyclonic Storm FANI 2019බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මැයි මස 23 වන දින වන විට අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් මැයි 21 වන දින සිට නැවත දැනුම් දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තුළ ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාවුක සහ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

එසේම දැනට එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත පිරිස් හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරත්ෂිත ස්ථාකයක් කරා ගමන් කරන ලෙස මෙම නිවේදනය මගින් තවදුරටත් දන්වා ඇත.

ඇතිවිය හැකි ආපදා තත්වය පිලිබදව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 න් විමසන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079