සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ආරම්භ කිරීමේ අවස්ථාව.

Sinhala Tamil Aluth Awurudu 2021 1යුගයෙන් යුගය මානව ශිෂ්ටාචාරය පරිනාමය වෙමින් සංස්කෘතික වශයෙන් අනන්‍ය වු එමෙන්ම වසර දහස් ගණනක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන චාරිත්‍ර වාරිත්‍ර වලින් හෙබි ජාතික උත්සව අතර අනන්‍ය වු සිරිත් විරිත් අනුව සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද අති උත්කර්ශවත් අන්දමින් අප සමරුණු ලබන බව ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද දින (19) සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුවැඩ ආරම්භ කිරීමේ අවස්ථාව අමතමින් පැවසීය.

ජනාධිපතිතුමන්ගේ ජාතික නායකත්වය යටතේ සෞභාග්‍ය දැක්ම ඉදිරි දැක්ම ඉලක්ක ඉටුකිරීම වෙනුවෙන් සෑම රාජ්‍ය සේවකයකුම සිය රාජකාරි කටයුතු කැපවීමකින් යුකුව මැනවින් ඉටුකරනු ඇති බවත් රාජකාරී නියමිත ආකාරයෙන් ඉටු කරනවා නම් ඕනෑම අභියෝගයක් ජයගැනීමට රජයට හැකි බවත් පෙන්වා දෙන ලදී. මව්බිමේ පුරවැසියකු ලෙසත් රාජ්‍ය නිළධාරියකු ලෙසත් සිය රාජකාරි වෙනුවෙන් කැපවීම තමන් තුළ වර්ධනය කර ගත යුතු බව මෙහි දී අවධාරණය කරන ලදී.

ස්වභාවික විපත් හමුවේ ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ශක්තිය රටක් වශයෙන් අප සතු බවත් ඒ සදහා තමා වෙත පැවරී ඇති වගකීම දැරීම සදහා අප සියලු දෙනා මෙම අලුත් අවුරුද්දේ අදිටන් කර ගත යුතු යැයි ද ලේකම්තුමා පැවසීය.

ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක ඇතුලු අමාත්‍යාංශ සහ අනුබද්ධ ආයතන නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය. 

Sinhala Tamil Aluth Awurudu 2021 2Sinhala Tamil Aluth Awurudu 2021 9Sinhala Tamil Aluth Awurudu 2021 7

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052