පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සදහා ගිණි ආරක්ෂණය පිළිබද පුහුණු වැඩමුලුව.

Colombo fire 01ආපදා කළමනාකරණ මධ්‍යසථානය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන් හට ආපදා කළමනාකරණ විෂය පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්යේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගිණි ආරක්ෂණය පිළිබද ප්‍රායෝගික මෙන්ම සිද්ධාන්තික දැනුම ලබාදීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ - මුල්ලේරියාව මල්ලිකාරාම පිරිවෙන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගිනි නිවාරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය දා පැවැත් විණි.

කොළඹ දිස්ත්‍රික්ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

Colombo fire 02Colombo fire 04Colombo fire 05

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052