බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් අධි අවදානම් පවුල් 167 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීම

Distribution of Land Ownershipඅභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්ම කරනු ලබන ආපදා අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව සුරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්යේ නායයාම් අධි අවදානම් පවුල් 167 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීම පසුගිය දා සිදු කෙරිණි. හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරගල ඉදල්ගස්හින්න ප්‍රදේශයේ නායයාම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වු පවුල් 33 කට සහ මීරියබැද්ද කොටබක්ම ග්‍රාමයේ පදිංචි පවුල් 134 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීමට කටයුතු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සදහා රජය විසින් රුපියල් මිලියන 213ක් පමණ වැය කිරීමට අපේක්ෂා කෙරේ.

බෙරගල ඉදල්ගස්හින්න ප්‍රදේශයේ නායයාම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වු පවුල් සදහා පර්චස් 10 බැගින් වු ඉඩම් කට්ටි සදහා හිමිකම් ඔප්පු බෙදාදුන් අතර නිවාස ඉදි කිරීම සදහා මුල්ගල් තැබීම සහ නිවාස ඉදිකර ගැනීම සදහා නිවාස හිමිකම් ලාභීන් සදහා රජය විසින් ලබාදෙන ආධාර මුදලේ පළමු වාරිකය ලබාදෙන ලදී. මීරියබැද්ද කොටබක්ම ප්‍රදේශයේ නායයාම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන පවුල් සදහා පර්චස් 10 බැගින් වු ඉඩම් කට්ටි සදහා හිමිකම් ඔප්පු බෙදා දුන් අතර නිවාස හිමිකම්ලාභීන් සදහා නිවාස ඉදිකිරීම වෙනුවෙන් වාරික මුදල් ඉදිරියේ දී ලබාදීමට නියමිය.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුටිටිආරච්චි, ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්, අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

Distribution of Land Ownership 03Distribution of Land Ownership 04Distribution of Land Ownership 2

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052