රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවදානම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්

flood monitoting system-Rathnapur 2020-01-25  1නිරන්තරයෙන් ගංවතුර අවදානමට පාත්‍රවන රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා අවදානම් කලපාවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානම පිළිබදව දැනගැනීමට හැකිවන පරිදි ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සබරගමුව පළාත් සභාව, රත්නපුර දිස්ත්‍රක් ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ස්ථාපිත කර තිබේ.

මෙම පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතිය සදහා කළු ග‌‌‌ගෙහි රත්නපුර මුවගම, වේ ගගෙහි කහවත්ත, දෙනවක ගගෙහි පැල්මඩුල්ල, නිරිඇල්ල ගගෙහි ඇලපාත, කුරු ගගෙහි කුරුවිට, ගලතුර ඔයෙහි අයගම, කුකුලේ ගගෙහි කළවාන යන ස්ථාන වල ජල මට්ටම් පෙන්වන ජල මාපක සවිකර ඇත.

කළු ගගේ හා අතුරු ගංඟා කිහිපයක මෙම ගංවතුර ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ස්ථාපිත කර ඇති අතර www.rivernet.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් කළු ගගේ සහ කළු ගඟේ අතු ගංඟා වන වේ ගඟ, නිරිඇල්ල ගඟ, කුරු ගඟ, ගලතුර ඔය, කුකුළේ ගඟ යන ගංඟාවල ජල මට්ටම් ඕනෑම වේලාවක එසැනින් දැනගත හැකිය.

flood monitoting system-Rathnapur 2020-01-25  2flood monitoting system-Rathnapur 2020-01-25  5

 

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052