Hambantota mayura pura tank  8පසු ගිය දින වල පැවති වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ජලාශ පිරී ගොස් ඇති බැවින් ඇතැම් ජලාශ බැමි අස්ථාවර වීම්, ජලය කාන්දුවීම සිදුවිය හැක. එවැනි අවස්ථාවක් නිරීක්ෂණය වුව හොත් ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හෝ දිස්ත්‍රික් ආපදා කළමනාරකරණ ඒකක දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කොහොලංගල ග්‍රාම නිලධාරී වසමේ පිහිට් මයුරපුර කුඩා වැවේ ජල මට්ටම ඉහළ යාමත් සමග වැවි බැමිමේ කුඩා ජල කාන්දුවක් පසුගිය දා සිදු නිරීක්ෂණය වීමත් සමග හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය හම්බන්තොට නාගරවැව පිහිටි 122 යුධ හමුදා බලසේනාවේ හමුදා නිළධාරීන් සහ භට පිරිසකගේ සහය ඇතිව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරීයේ අධික්ෂණය යටතේ ආරක්ෂාකාරී ලෙස වැඩි ජලය ඉවත් කිරීමට හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරන ලදී.

ඒ අතරම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිලිනොච්චි බටහිර වාරිමාර්ග කලාපයට අයත් කාන්තන්කුලම් වැවේ ඇති වී ඇති ජල කාන්දුව පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අධික්ෂණය යටතේ කිලිනොච්චි ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු සම්බන්ධීකරණය කෙ‍ෙරමින් පවතී.

Hambantota mayura pura tank  6Killinochchiya Kantan kulam  3Killinochchiya Kantan kulam  7

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079