new year 2021 52021 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතු සෞඛ්‍ය සම්පන්න මෙන්ම සියලු දෙනා තම වෘත්තීය තුළ දැනුමින් සපිරි වෘත්තිකයෙකු වශයෙන් කටයුතු කිරීමත් තමා තමාටම අවංක වී ආයතනය තුළ රාජකාරි කිරීමේ වර්ෂයක් වේවා යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2021 වර්ෂය සදහා රාජකාරී ආරම්භ කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.

එසේම 2021 වර්ෂයේ රාජ්‍ය සේවක ප්‍රතිඥාව අනුව සහෝදරත්වයෙන් යුක්තව පුද්ගලික මතිමතාන්තර නොමැතිව එකාමෙන්ම කටයුතු කරන සහෝදර සහෝදරියන් පෙළක් ආපදා කළමනාකරණ අංශය යටතේ ඇති ආයතන තුළින් දැකීම තමාගේ ඒකායන පැතුම බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා තවදුරටත් පැවසීය. එසේ කටයුතු කිරීමට නොහැකි වන්නේ තමන් තමන්ට අවංක නොවී පුද්ගලිත න්‍යාය පත්‍රයක සිට කටයුතු කරන්නේ නම් පමණක් බවත් මෙම අවස්ථාවට සහභාගී වෙමින් අධ්‍යක්ෂ ජනරාල්තුමා තවදුරටත් පෙන්වා දෙන ලදී. සෞභාග්‍ය යේ දැක්ම අනුව තම ආතනයට පැවරී ඇති වගකීම අවබෝධ කර ගෙන ඇත්නම්, එම වගකීම තේරුම් ගෙන කැපවීමකින් සහ සෑම දෙනාගේ අදහස් සළකා බලමින් කටයුතු කරන්නේ නම් කිසිදු ගැටලුවක් ඇති නොවන බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැවසීය

තමන් තමන්ට ගෞරව කරන නිළධාරියෙකු තමා තුළින් දැකීමට හැකි නම් එවන් නිළධාරියෙකු තමන් සමග කටයුතු කරන සහෝදර නිළධාරීන්ට ගෞරව කරන බවත් එසේම තමන්ගේ ප්‍රධානීන්ට ගෞරව කරන බවත් පෙන්වා දුන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා එවන් නිළධාරීන් තමන්ගේ මව් රටට ගෞරව කරන බවත් අවධාරණය කරන ලදී. එසේම නිළධාරියෙකුට වැඩ පැවරීමටක වඩා වැඩ සොයාගෙන ගොස් වැඩ කිරීමත් නව අංශ ඔස්සේ ව්‍යාපෘති හදුනාගැනීමටත් පුරුදු වීම වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ඉතා වැදගත් බවත් එවන් රාජ්‍ය නිළධාරීන් සියලු දෙනාගේ ගෞරවාදරයට පත්වන බවත් අධ්‍යක්ෂ ජෙනරල්තුමා තවදුරට පෙන්වා දෙන ලදී.

new year 2021 6new year 2021 1new year 2021 2

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052