z p01-Tsunamiජාතික සුරක්ෂිතතා දිනය වන (26) අද දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම  අරමුණු කරගනිමින් දිවයින පුරා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කෙරේ. අද  දින පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට ඔබත් එක්වන්න.
රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් සිදුකර ආපදා වලින් මියගිය ජනතාව පිං පැමිණවිම සිදු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සැලසුම් කර තිබෙන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කෝවිඩ් -19 තත්වය සලකා බලා කොල්ලුපිටිය මල්ලිකා වැඩිහිටි නිවාසයේ වාසය කරන මව්වරුන් හට දානමය කටයුතුත්තක් සිදු කර ආපදාවලින් මිය ගිය ජනතාවට පිං පැමිණවීමට කටයුතු සංවිධානය කර ඇත.
We will observe a two minute silence from 9.25 a.m on

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052