symposium 2020-12-16 final dayපර්යේෂණ විද්‍යාත්මක දැනුම මෙන්ම නවීන තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වයෙන් බහු-ආපදා පූර්ව අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය දින තුනක් පුරා කොළඹ බංඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සාර්ථකය පැවැත් විය.

සමුලුවේ අවසන් දින ආරක්ෂක අමාත්‍යාංශ සහ අභ්‍යන්තර ආරක්ෂකස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අතර ආපදා අවදානම් කළමනාකරණය සහ වඩාත් සඵලදායි බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම ක්‍රමෝපායක් තුළින් ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සදහා වන කොළඹ ප්‍රකාශය” එළි දක්වනු ලැබීය.

මෙම ජත්‍යන්තර ප්‍රදර්ශනයට සමගාමීව පාසැල් දරු දැරියන් සහභාගීත්වයෙන් ජාතික මට්ටමින් පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගැයීම ද මෙහි දී සිදු කෙරිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, මහාචාර්ය රෝහාන් සමරජීව, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය. හඩල්ස්පීල්ඩ් විශ්වවිද්‍යාලීය (University of Huddersfield) නියෝජිතයින් ඇතුලු දේශීය හා විදේශීය නියෝජිතයින් විශාල පිරිසක් වීඩියෝ තාක්‍ෂණය තුළින් සමුළුවේ අවසන් දින උත්සවයට සහභාගී විය.

කොළඹ ප්‍රකාශය”  සහ  බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ  (MHEW 2020)පදී ඉදිරිපත් කරන ලද පර්යේෙෂණ පත්‍රිකා පහත වෙබ් අඩවියෙන් භාගත කළ හැකිය. http://cabaret.buildresilience.org/2020_Symposium/

Symposium opening  2020-12symposium 2020-12-16 final 02symposium 2020-12-16 final 06

මෙම අවස්ථාව ආවරණය කරන ලද ඡායාරූප සදහා www.facebook.com/dmc.gov.lk/photos 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052