Symposium opening  2020-12පර්යේෂණ විද්‍යාත්මක දැනුම මෙන්ම නවීන තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ ක්‍ෂේත්‍රයේ වැඩ කරන ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වයෙන් බහු-ආපදා පූර්ව අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ දින (14) කොළඹ බංඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

සමාරම්භක උත්සවයට අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශ සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වීඩියෝ තාක්ෂණය හරහා මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසිරි කරුණාවර්ධන, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය. හඩල්ස්පීල්ඩ් විශ්වවිද්‍යාලීය (University of Huddersfield) නියෝජිතයින් ඇතුලු දේශීය හා විදේශීය නියෝජිතයින් විශාල පිරිසක් වීඩියෝ තාක්‍ෂණය තුළින් සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී විය.

දේශගුණික විපර්යාස සහ පූර්ව අනතුරු ඇඟවීම(1), ආපදා පෙරසුදානම(2),ආපදා අවදානම අවම කිරීම සඳහා සෙන්ඩායි රාමුව 2015-2030 / තිරසාර සංවර්ධන ඉලක්ක(3), අවදානම්මාරුකිරීම (Risk Transfer) / රක්ෂණය (4), වඩාත් ඵලදායි පූර්ව අනතුරු ඇඟවීම සඳහා නව්‍යකරණය (5)වඩා යෝග්‍ය ආකාරයේ පුර්ව දැනුවත් කිරීම සදහා සන්නිවේදනය(6), ආපදා අවදානම අවම කිරීම(7) සහ සෞඛ්‍ය (8) යන ප්‍රධාන තේමා 08 ක් ඔස්සේ මෙම සම්මන්ත්‍රණයේ තුළින් පර්යේෂකයින් සහ විද්‍යාත්ථයින් සිය පර්යේෂණ අත්දැකීම් හුවමාරු කර ගැනේ.

සම්මන්ත්‍රණය අවසානයේ දී ආපදා අවදානම් කළමනාකරණය සහ වඩාත් සඵලදායි බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම ක්‍රමෝපායක් තුළින් ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සදහා වන කොළඹ ප්‍රකාශයඑළි දක්වනු ලැබේ.

මෙම අවස්ථාවට දිනපතා පස්වරු 1.30 සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පේස්බුක් පිටුව හරහා සජීවිව සම්බන්ධවිය හැක.

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052